IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඊශ්‍රායෙල හමුදා ගාසා තීරයට පනී

පසුගිය ජුනි 15දා ඊශ්‍රායල් ජාතික යෞවනයන් තිදෙනෙකු  හමාස් සංවිධානයට සම්බන්ධ පිරිස් විසින් පැහැරගෙන  මරා දැමීමෙන් අනතුරුව, ඊශ්‍රායල් ජාතිකයන් කිහිප දෙනෙකු විසින් පලස්තීන  යෞවනයකුද පැහැර ගෙනගොස් මරා පුළුස්සා දැමීම නිසා මැදපෙරදිග කලාපයේ නැවතත් යුදමය වාතාවරණයක් ඇතිවිය.

 ඊශ්‍රායලය විසින් ගාසා තීරයට  එල්ල කැරුණු ගුවන් ප්‍රහාර නිසා මේවනවිට පලස්තීනනුවෝ 127 දෙනෙක් පමණ  ජීවිතක්ෂයට පත්වී සිටිති. ඉතා විශාල පිරිසක් තුවාලා ලබා මහා දේපොළ හානියක් ද වාර්තා වෙයි. හමාස් සංවිධානය  ගාසා තීරයේ සිට එල්ල කරන ලද රොකට් ප්‍රහාර බොහොමයක් ඊශ්‍රායල් ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් ගුවනේදීම විනාශ කර දැමීය.    ඉන්ධන පිරවුම්හලකට ඇද වැටුණු රොකට්ටුවකින්   ඊශ්‍රායල් ජාතිකයෝ තිදෙනෙක් බරපතල තුවාල ලදහ.  රථවාහන කීපයක් ගිනිබත් විය.   ඊශ්‍රායල් හමුදා  ගාසා තීරය ගොඩබිමින්ආක්‍රමණය කරමින් සිටී.

(මෙම වීඩියෝවෙන් හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ලකරන අන්දමත්, අනතුරු හැඟවීමේ නළා නාදවනවිට ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා දිවයන අන්දම හා හඳුනාගත් ඉලක්කවෙත  ඊශ්‍රායල් හමුදාවන් ප්‍රහාර එල්ලකරන අන්දමත් දැකබලාගත හැකිය.)



අදහස් (0)

ඊශ්‍රායෙල හමුදා ගාසා තීරයට පනී

ශාන සෞදි Thursday, 17 July 2014 05:26 PM

ඇමරිකාවට වුවමන දේ කරන ඊශ්‍රායල් හමුදා මේ කරන අපරාධ නොදැක්කා සේ සිටින නවිපිල්ලෙගේ දෑස කුමකටද? (නි)

:       0       0

නුවන් Thursday, 17 July 2014 05:55 PM

පහන්,පලස්තීන දරුවන් විතරද පව්? අනෙක් සියල්ලෝමත් දරුවන් නොවේද? (නි)

:       0       0

චාන්දනී Friday, 18 July 2014 01:36 AM

සාමය උදාවේවා! (නි)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Thursday, 17 July 2014 06:39 AM

පොඩි ළමයි මරලා තුවාල වෙලා තිබෙන ආකාරය බලන්නත් බැරිතරම්. දැන් නවිපිල්ලෙ කොහේද දන්නෙ නැහැ. (නි)

:       0       0

පහන් Thursday, 17 July 2014 07:56 AM

ගෑස් ටික ,විදුලිය ,බෙහෙත් ටික සියලු යටිතල පහසුකම් ඊශ්‍රායල් වලින් ලබාගෙන හමාස් ල ඊශ්‍රායලයටම ගහනවා. අයතුල්ලා කුමෙනි හමාස් ලව නොමග යවනවා . මුස්ලිම් ප්‍රජාවට ඔච්චරම අමාරුනම් ගාසා තීරය ඉජිප්තුවටත් ,බටහිර ඉවුර ජෝර්දානයටත් එක්කරගන්න බැරියෑ. හැමෝම කියන්නේ පලස්තීන බිම යුදෙව්වෝ අල්ලගත්තලු. ඒ උනාට මුස්ලිම් ආගම බිහිවෙන්නෙත් ජේසුස් වහන්සේගේ මරණයෙන් අවුරුදු 600 ට විතර පස්සේ. ඒ කාලෙත් ඔය කලාපේ හිටියේ යුදෙව්වෝ. අහිංසක පලස්තීන දරුවන් පව්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site