පසුගිය ජුනි 15දා ඊශ්‍රායල් ජාතික යෞවනයන් තිදෙනෙකු හමාස් සංවිධානයට සම්බන්ධ පිරිස් විසින් පැහැරගෙන මරා දැමීමෙන් අනතුරුව, ඊශ්‍රායල් ජාතිකයන් කිහිප දෙනෙකු විසින් පලස්තීන යෞවනයකුද පැහැර ගෙනගොස් මරා පුළුස්සා දැමීම නිසා මැදපෙරදිග කලාපයේ නැවතත් යුදමය වාතාවරණයක් ඇතිවිය.
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කැරුණු ගුවන් ප්‍රහාර නිසා මේවනවිට පලස්තීනනුවෝ 127 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වී සිටිති. ඉතා විශාල පිරිසක් තුවාලා ලබා මහා දේපොළ හානියක් ද වාර්තා වෙයි. හමාස් සංවිධානය ගාසා තීරයේ සිට එල්ල කරන ලද රොකට් ප්‍රහාර බොහොමයක් ඊශ්‍රායල් ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් ගුවනේදීම විනාශ කර දැමීය. ඉන්ධන පිරවුම්හලකට ඇද වැටුණු රොකට්ටුවකින් ඊශ්‍රායල් ජාතිකයෝ තිදෙනෙක් බරපතල තුවාල ලදහ. රථවාහන කීපයක් ගිනිබත් විය. ඊශ්‍රායල් හමුදා ගාසා තීරය ගොඩබිමින්ආක්‍රමණය කරමින් සිටී.
(මෙම වීඩියෝවෙන් හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ලකරන අන්දමත්, අනතුරු හැඟවීමේ නළා නාදවනවිට ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා දිවයන අන්දම හා හඳුනාගත් ඉලක්කවෙත ඊශ්‍රායල් හමුදාවන් ප්‍රහාර එල්ලකරන අන්දමත් දැකබලාගත හැකිය.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවට වුවමන දේ කරන ඊශ්‍රායල් හමුදා මේ කරන අපරාධ නොදැක්කා සේ සිටින නවිපිල්ලෙගේ දෑස කුමකටද? (නි)
පහන්,පලස්තීන දරුවන් විතරද පව්? අනෙක් සියල්ලෝමත් දරුවන් නොවේද? (නි)
සාමය උදාවේවා! (නි)
පොඩි ළමයි මරලා තුවාල වෙලා තිබෙන ආකාරය බලන්නත් බැරිතරම්. දැන් නවිපිල්ලෙ කොහේද දන්නෙ නැහැ. (නි)
ගෑස් ටික ,විදුලිය ,බෙහෙත් ටික සියලු යටිතල පහසුකම් ඊශ්‍රායල් වලින් ලබාගෙන හමාස් ල ඊශ්‍රායලයටම ගහනවා. අයතුල්ලා කුමෙනි හමාස් ලව නොමග යවනවා . මුස්ලිම් ප්‍රජාවට ඔච්චරම අමාරුනම් ගාසා තීරය ඉජිප්තුවටත් ,බටහිර ඉවුර ජෝර්දානයටත් එක්කරගන්න බැරියෑ. හැමෝම කියන්නේ පලස්තීන බිම යුදෙව්වෝ අල්ලගත්තලු. ඒ උනාට මුස්ලිම් ආගම බිහිවෙන්නෙත් ජේසුස් වහන්සේගේ මරණයෙන් අවුරුදු 600 ට විතර පස්සේ. ඒ කාලෙත් ඔය කලාපේ හිටියේ යුදෙව්වෝ. අහිංසක පලස්තීන දරුවන් පව්. (නදී)