'ඊශ්‍රායල් බෞද්ධ මිතුරෝ'' සංවිධානය කළ ‘ඒහිපස්සිකෝ‘ ඇසළ පිංකම් මාලාවේ ප්‍රධාන පිංකම ඊශ්‍රායල් ‘ටෙල් අවිව් බෙද්දානි‘ ශාලාවේදී පැවැත්වුණි.
ශාස්ත්‍රපති මාවරලේ භද්දිය ,මනෝ විද්‍යා උපදේශක තලපත් කන්දේ සිරිනන්ද, හිමිවරුන්ගේ සහභාත්වයෙන් ශ්‍රී ලංකාවේ සිට වැඩමවා ඊශ්‍රායල් පටිසෝත බෞද්ධ විහාරයේ විහාරවාසී ආචාර්ය බෝකන්නොරුවේ දේවානන්ද හිමිගේ අනුශාසකත්වයෙන් සහ ඊශ්‍රායල් ජාතික භන්තේ පඤ්ඤානන්ද හිමියන්ගේ ද සහභාගිත්වයෙන් සංඝගත දක්ෂිණාවක් ද සහිතව ඉතා අලංකාරවත්ව මෙම දාන ශීල භාවනා වැඩසටහන් සිදු කෙරිණි.
‘ඊශ්‍රායල් බෞද්ධ මිතුරෝ සංවිධානය‘ මේ දක්වා ඊශ්‍රායල් සේවය කරන පරිත්‍යාගශීන්ගේ ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ සමාජ සත්කාරයන් රැසක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අතර අඩු අදායම් ලාභී දරුපවුල් වෙනුවෙන් නිවාස 11, ගංවතුර නාය යාම් වැනි හදිසි ආපදා වලදී විපතට පත් වුවන්ට උපකාර කිරීම් ,බෞද්ධ ග්‍රන්ථ එළිදැක්වීම් ,වියළි අහාර පාසල් උපකරණ බෙදාදීම් ඇතුළු පිංකම් රැසක් සිදු කර තිබේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd