දීර්ඝ සාකච්ඡාවලින් පසු, ඊශ්‍රායල රජයේ නියෝජිතයන් සහ ගාසා තීරයේ හමාස් සංවිධානයේ නියෝජිතයන් අතරේ ඇතිකරගත් දින 15 ක සටන් විරාමය ඊයේ (19) උදෑසන 8.30 සිට ආරම්භ විය.
සටන් විරාමයේ මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ කටාර් රාජ්‍යයයි. කටාර් රාජ්‍යයට ඇමෙරිකාවේ සහාය ද හිමිවෙයි. ‘දෙපාර්ශ්වය අතරේ ඇති කරගත් එකඟතාවට අනුව, සටන් විරාමය ආරම්භ වුණා. දෙපාර්ශවයම එකිනෙකට ගරු කරමින් සටන් විරාමය ඉදිරියට ගෙන යාවි යැයි විශ්වාස කරනවා’ යනුවෙන් කටාර් විදේශ කටයුතු අමත්‍යාංශය එක්ස් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කර ඇත.
සටන් විරාමයට, ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ අනුමැතිය හිමිවූයේ පසුගිය සිකුරාදා (17) දිනයේය. එම අවස්ථාවේදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, හමාස් සංවිධානයට අනතුරු ඇඟවීමක් ද කළේය. ඒ, සටන් විරාමය කඩ කරන්නේ නම්, යළි ගාසා තීරයට දිගට හරහට පහර දෙන බවටය. එසේ කිරීමට ඊශ්‍රායලයට අයිතිය ඇතැයි ද අග්‍රාමාත්‍ය නෙදන්යාහු පැහැදිලි කළේය.
ඇති කරගත් කොන්දේසිවලට අනුව, සටන් විරාමය අදියර කිපයකින් ක්‍රියාත්මක වෙයි. හමාස් සටන්කාමින්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගෙන් 33 දෙනකු, සටන් විරාමයේ පළමු අදියරේදී නිදහස ලැබීමට නියමිතය. ඊට සමගාමීව ඊශ්‍රායල රජය එරට අත්අඩංගුවේ පසුවන පලස්තීන සිරකරුවන් නිදහස් 737 දෙනකු කිරීමට ද නියමිතය.
ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීම ආරම්භ කළේ 2023 ඔක්තෝබර් 7 වැනිදාය. ඒ, හමාස් සටන්කාමීන්, ලෙබනනයේ ඉරාන හිතවාදී හිස්බුල්ලා සටන්කාමීන් ද සමඟ හවුල් වී, ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමිනි. ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් ඉලක්කවලට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවෝ 46,707 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 110,265 කි.
සටන් විරාමය ආරම්භ වීමත් සමඟ, ඇතිකරගත් එකඟතාවට අනුව, ගාාස තීරයට මානුෂීය ආධාර ලබා දීම ද ඊයේ (19) සිට සිදුවිය. ගාසා තීරය ඊශ්‍රායලයට පමණක් නොව, ඊජිප්තුවට ද මායිම් වෙයි. මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ ඊජිප්තුව දෙසින් ගාසා තීරයට ඇතුළු වුණු බව පැවැසෙයි.
විදෙස් මාධ්‍ය ඊයේ (19) උදෑසන වාර්තා කළේ ආහාර රැගත් ට්‍රක් රථ 4000 ක් ගාසා තීරයට යෑමට සූදානමින් සිටි බවය. මෙම ආහාර ඉදිරි මාස 3 ක කාලයේ ගාසා වැසියන් මිලියනයක් පෝෂණය කිරීමට ප්‍රමාණවත් වනු ඇතැයි ද පැවැසෙයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට ඊශ්‍රායල හමුදා පහර දෙද්දී, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන්ටත්, හමාස් සටන්කාමින්ටත් සහාය දෙමින් යේමනයේ සිටින ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ද ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් සහ රතු මුහුදේ ඊශ්‍රායල සහ බටහිර නැව් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර ඒල්ල කරමින් තිබුණි. සටන් විරාමයත් සමඟ හවුති සටන්කාමීන් නිවේදනය කර ඇත්තේ තමන් ද ඊශ්‍රායට පහර දීම් සිදු නොකරන බවය.
(ඒ.එෆ්.පී.)
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී
වැලි කුණාටු සහ මහ වැසිවලින් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට බලපෑම් එල්ල විය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අයහපත් කාලගුණය හේතුවෙන්, ගුවන් ගමන් 120 ක් පමණ අත්හිටුව
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි
මධ්‍යම ඊශ්‍රායලයේ පළාත් කීපයක හටගත් ළැව් ගිනි මේ වනවිට නිවා දැමීමට තමන්ට හැකිවුණු බව ඊශ්‍රායල ගිනි නිවන භටයෝ පවසති.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඉරානයත් ඇමෙරිකාවත් අතරේ න්‍යෂ්ටික සාකච්ඡා සිවුවැනි වටය රෝමයේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද එය මේ වනවිට අවලංගු කර
තුර්කියේ ඉස්තාන්බුල් නුවර, මැයි දින රැළියට පොලිසිය හරස් විය. දස දහස් ගණනක් තුර්කි වැසියන් මැයි දින රැලියට එක් වී සිටි අතර, ඔවුන් මර්දනයට පොලිස් නිලධාරී
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඊශ්‍රායල පලස්තීන සටන් විරාමය ඇරැඹේ