
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ කාන් යූනිස් නගරය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියෝ 70 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ඒ අනුව, ඊශ්‍රායල හමුදාව පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 39,000 පසු කළ බව වාර්තා විය.
කාන් යූනිස් නගරයට එල්ල කළ ප්‍රහාරවලින් 200 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීම ආරම්භ කළේ, පසුගිය වසරේ ඔක්තතෝබරයේ, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහරදී ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගැනීමත් සමඟය.
ඊශ්‍රායල හමුදාව කාන් යූනිස් නගරය ඉලක්ක කර ගනිමින් පහර දුන්නේ, හමාස් සටන්කාමීන් කාන් යූනිස් නගරයේ සැඟවී සිටින බැවින් යැයි ඊශ්‍රායල රජය පවසා ඇත.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට දිගින් දිගට ප්‍රහාර එල්ල කරද්දී, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඇමෙරිකන් සංචාරයක් ආරම්භ කරමින් වොෂින්ටනයට පැමිණිය්ය. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවීමටත්, ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) ඇමතීමටත් සූදානමින් සිටී.
යළි ජනාධිපති ධුරය අපේක්ෂා නොකරන බව බයිඩන් නිවේදනය කර ඇති අතර, ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස බයිඩන්, උප ජනාධිපතිනිව ලෙස කටයුතු කරන කමලා හැරිස් නම් කර තිබේ. බයිඩන් හමුවීමෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු උප ජනාධිපතිනී කමලා හැරිස් ද හමුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඊශ්‍රායලය, ගාසා තීරයේ පලස්තීන වැසියන්ට එරෙහිව සිදු කරන ජනසංහාරය වහා නැවැත්වීමට කටයුතු කළ යුතු යැයි ඉරාන නව ජනාධිපති ලෙස තේරී පත් වී සිටින මධ්‍යස්ථමතධාරී, මසූඩ් පෙසෙෂ්කියන් අවධාරණය කර තිබේ.
ඉරාන නව ජනාධිපතිවරයා මෙසේ අවධාරණය කළේ කසක්ස්තාන ජනාධිපති කසීයුම් ජොමාට් සමඟ දුරකතන සන්වාදයක යෙදුණු අවස්ථාව්දී යැයි පැවැසෙයි. මධ්‍යස්ථමතධාරියකු බැවින්, යුරෝපා බටහිර රටවල් සමඟ ද යහපත් සබඳතා පවත්වාගෙන යෑමට කටයුතු කරන බව පෙසෙෂ්කියන් අවධාරණය කර තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1588
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1379
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඊශ්‍රායල ප්‍රහාරවලින් 70 ක් මරුට