ගුලාන් කඳුකර පෙදෙසින් තම දේශසීමාව උල්ලංඝනය කළ සිරියා ගුවන් යානයක් බිම හෙලන ලදැයි ඊශ්‍රායල් හමුදා වාර්තා උපුටා දක්වමින් සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කරයි. ගුවන් යානා නාශක පේට්ට්‍රියට් මිසයිල භාවිතා කරමින් මේ යානය බිම හෙළා ඇත.
ඊශ්‍රායල් ආරක්ෂක හමුදා ප්‍රකාශක ලුතිනන් කර්නල් පීටර් ලර්නර් පැවසුවේ බිම හෙලු ගුවන් යානය රුසියාවේ නිශ්පාදිත සුකෝයි - 24 වර්ගයේ යානයක් බවයි. මේ යානයේ සිටි නියමුවා හා සහන නියමුවා සිරියාවට පතිත වූ බව ද ඔහු පවසා ඇත.
ඊශ්‍රායල් හමුදාව පවසන්නේ යානයට ප්‍රහාරය එල්ලකරන විට ඔවුන් දළ වශයෙන් කිලෝ මීටරයක් තරම් ප්‍රමාණයක් දේශසීමාව උල්ලංඝනය කර තිබූ බබවයි.
සිරියා රාජ්‍ය රූපවාහිනියද ඊශ්‍රායලය තම ගුවන් යානයක් වෙඩි තබා බිම හෙලා ඇතැයි වාර්තා කළේය. මේ අතර එක්සත් ජාතින්ගේ සාමසාකච්ඡා කරුවන් සිරියාවේ පාලනය පවතින ගුලාන් කඳුකර පෙදෙසට පිටත් ව ගොස් ඇති බවද වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 18
590
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊශ්‍රායල් ප්‍රහාරයෙන් සිරියා යානය බිම ?
මල්ලි Wednesday, 24 September 2014 06:58 AM
නියමයි (දී)
අමිල Wednesday, 24 September 2014 06:56 AM
අපිට මොකටද අනේ (දී)
ලකී දොඩන්ගොඩ Wednesday, 24 September 2014 07:13 AM
ඇමරිකාව ඇතුළු බටහිර ලෝකයම බලන්නේ තමන්ට කීකරු නොමැති සිරියන් ජනාධිපති පන්නා දමන්ට , පසු ගිය කාලයම ඔවුන් කලේ තමන්ට අවනත නැති රජයන් පෙරලා දැමිම , බටහිරට සහ ඇමරිකාවට දණගසා සිටියොත් කිසිම මානුෂික අයිතිවාසිකම් ප්‍රශ්නත් නැහැ , විරෝධතාත් නැහැ . පොඩි එකා ලොකු එකාගේ ආහාර වේලක්. (ස)
නලින් යහම්පත් Thursday, 25 September 2014 06:54 AM
චාමික ඔබ ඔබ ගැනම පවසා තිබෙනවා වාගේ , (දී)
චාමික Thursday, 25 September 2014 02:41 AM
එක වෙලාවක අධිරාජ්‍යවිරෝධී වීරයෝ. සුළු මොහොතකින් අධිරාජ්‍යවාදයට ගැතිවෙනවා. කන්න ඕනෑ වුණාම කබරගොයත් තලගොයා වෙනවා කියන එකට හොඳ උදාහරණයකුත් පෙන්වනවා (නි)
බණ්ඩා Wednesday, 24 September 2014 08:48 AM
හරියට හරි එහෙම තමා දෙන්න ඕනේ (නදී)
බටු ගෙදර Wednesday, 24 September 2014 03:57 AM
කට්ටිය බය වෙලා වගේ. වෙන්න ඕනි දේ හරියටම සිද්දවෙනවා වගේ. (ස)
ග්‍රැසියන් Wednesday, 24 September 2014 04:27 AM
ඒ පී අයි මේ වගේ අවදියෙන්ද? (ස)