ගුලාන් කඳුකර පෙදෙසින් තම දේශසීමාව උල්ලංඝනය කළ සිරියා ගුවන් යානයක් බිම හෙලන ලදැයි ඊශ්‍රායල් හමුදා වාර්තා උපුටා දක්වමින් සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කරයි. ගුවන් යානා නාශක පේට්ට්‍රියට් මිසයිල භාවිතා කරමින් මේ යානය බිම හෙළා ඇත.

ඊශ්‍රායල් ආරක්ෂක හමුදා ප්‍රකාශක ලුතිනන් කර්නල් පීටර් ලර්නර් පැවසුවේ බිම හෙලු ගුවන් යානය රුසියාවේ නිශ්පාදිත සුකෝයි - 24 වර්ගයේ යානයක් බවයි. මේ යානයේ සිටි නියමුවා හා සහන නියමුවා සිරියාවට පතිත වූ බව ද ඔහු පවසා ඇත.

ඊශ්‍රායල් හමුදාව පවසන්නේ යානයට ප්‍රහාරය එල්ලකරන විට ඔවුන් දළ වශයෙන් කිලෝ මීටරයක් තරම් ප්‍රමාණයක් දේශසීමාව උල්ලංඝනය කර තිබූ බබවයි.

සිරියා රාජ්‍ය රූපවාහිනියද ඊශ්‍රායලය තම ගුවන් යානයක් වෙඩි තබා බිම හෙලා ඇතැයි වාර්තා කළේය. මේ අතර එක්සත් ජාතින්ගේ සාමසාකච්ඡා කරුවන් සිරියාවේ පාලනය පවතින ගුලාන් කඳුකර පෙදෙසට පිටත් ව ගොස් ඇති බවද වාර්තාවේ.