IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් සිරියාවේ 40 ක් මරුට

ඊශ්‍රායලය එල්ල කරන ලද ප්‍රහාරයකින් නැගෙනහිර සිරියාවේ, සිරියානු සොල්දාදුවන් නවදෙනකු සහ ඔවුන්ට සහාය දක්වන සටන්කාමීන් 31 දෙනකු මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රායල ගුවන් හමුදාව මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

ආයුධ ගබඩා කර තිබෙන ස්ථාන සහ හමුදා කඳවුරැ ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල වී තිබේ.

නැගෙනහිර සිරියාවේ ඩියර් එසෝර් නගරයේ සිට ඉරාක දේශසීමාව දක්වා විහිදුණු ප්‍රදේශයකට මෙම ප්‍රහාර එල්ල වී තිබෙන අතර ගුවන් ප්‍රහාර 18කට ආසන්න සංඛ්‍යාවක් එල්ල වී ඇතැයි පැවසේ.

ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කරන ලද මෙම ප්‍රහාරවලින් 40 දෙනකු මරණයට පත්ව ඇති බව මානව හිමිකම් සඳහා සිරියානු නිරීක්ෂණ සංවිධානය ද තහවුරු කළේය.

ප්‍රහාරයෙන් මියගිය අයගෙන් නවදෙනකු සිරියානු සොල්දාදුවන් බවත් 31 දෙනා අතර විදෙස් සටන්කාමීන් ද සිටින බවත් එම සංවිධානය සඳහන් කළේය. එම විදෙස් සටන්කාමීන්ගේ ජාතිකත්වය මෙතෙක් තහවුරැ වී නැත.

මානව හිමිකම් සඳහා සිරියානු නිරීක්ෂණ සංවිධානය බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් සංවිධානයකි.

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට සහ ෆටිමිට් බ්‍රිගේඩයේ කඳවුරු මෙම ප්‍රදේශයේ ස්ථාපිත යැයි ද එම සංවිධානය සඳහන් කළේය. ෆටිමිට් බ්‍රිගේඩයේ ඉරාන සහ ඇෆ්ගන් සටන්කාමීන්ගෙන් සමන්විත ය.

(ඒ.එෆ්.පී.)
 
055



අදහස් (0)

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් සිරියාවේ 40 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site