
ගාසා හමාස් සංවිධානයේ සන්නද්ධ අංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන අබු ඔබෙයිඩා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණු බව ඊශ්‍රායලය කියයි.
හමාස් සන්නද්ධ අංශයේ මාධ්‍ය ප්‍රකාශක අබු ඔබෙයිඩා ඝාතනය කිරීම සම්බන්ධයෙන්, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කාට්ස් ඊශ්‍රායල ආරක්ෂක අංශවලට ස්තුති කළ බව ද පැවැසෙයි.
අබු ඔබෙයිඩා ඝාතනය වූ බව හමාස් සංවිධානය තවමත් තහවුරු කර නැතැයි ද පැවැසෙයි.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත්තේ, ගාසා නගරයේ, අල් රිමාල් ජනාකිර්ණ ප්‍රදේශයකට එල්ල වුණු ගුවන් ප්‍රහාරයකින් අබු ඔබෙයිඩා සහ තවත් හමාස් සමාජිකයන් හත් දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 20 කි.
(ඒ.එෆ්.පී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd