ඇමරිකාවේ නිව්යොක් සිට ඊශ්‍රායලය දක්වා පියාසර කරමින් තිබූ මගී ජෙට් යානයක් ස්විස්  ප්‍රහාරක යානා දෙකක් යොදවා අතරමගදී ආපසු හරවා එවීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

බෝම්බයක් බියක් සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් ඊට හේතුව වී ඇත. ස්විස් ගුවන් සීමාවට යානය ඇතුළුවීමත් සමග ජෙට් යානය හරවා යවා ඇතැයි කියති. බෝම්බ බිය සම්බන්ධයෙන් හඳුනානොගත් අයකු ලබාදුන් තොරතුරක් මීට හේතුවුවත් මගී ජෙට් යානයේ නිලධාරීන් කියනුයේ යළි ගමනාන්තය කරා යෑමට කටයුතු කළ බවයි.