ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු තමාම එරට සුබසාධන අමාත්‍යවරයා ලෙස පත්කරගෙන ඇතැයි රජයේ නිලධාරියෙක් එරට පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
අයුතු ලෙස ලාභ ලැබීම සහ අල්ලස් චෝදනා නිසා ඊශ්‍රායලයේ හිටපු සුබසාධන අමාත්‍ය හයිම් කාට්ස් පසුගිය සතියේදී එම ධුරයෙන් ඉල්ලා අස්විය.
ලිකුඞ් පක්ෂයේ වෙනත් අයකු අමාත්‍යධුරයට නම් නොකර තමාම එම ධුරයට පත්කරගැනීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු පියවර ගෙන ඇත. ඒ අනුව ඊශ්‍රායල අමාත්‍ය නෙදන්යාහු මේ වනවිට ආරක්ෂක, සෞඛ්‍ය, සුබසාධන සහ ඩයස්පෝරා යන අමාත්‍ය ධුර හතරම හොබවයි.
මීට පෙර අගමැති නෙදන්යාහු එරට විදේශ අමාත්‍ය ධුරය ද හෙබ වූ අතර පසුව එම තනතුරට ඊශ්‍රායල් කාට්ස් පත් කරන ලදි. අගමැතිවරයා හොබවන අමාත්‍ය ධුර සංඛ්‍යාව සම්බන්ධයෙන් පසුගිය මැයි මාසයේදී ඊශ්‍රායල ඉහළ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් විය. ඒ හේතුවෙන් අගමැති නෙදන්යාහු විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉවත් විය.
ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්
055
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඊශ්‍රායල අගමැති එරට සුබසාධන ඇමැති ලෙස තමාවම පත්කරගෙන