ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු තමාම එරට සුබසාධන අමාත්‍යවරයා ලෙස පත්කරගෙන ඇතැයි රජයේ නිලධාරියෙක් එරට පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
අයුතු ලෙස ලාභ ලැබීම සහ අල්ලස් චෝදනා නිසා ඊශ්‍රායලයේ හිටපු සුබසාධන අමාත්‍ය හයිම් කාට්ස් පසුගිය සතියේදී එම ධුරයෙන් ඉල්ලා අස්විය.
ලිකුඞ් පක්ෂයේ වෙනත් අයකු අමාත්‍යධුරයට නම් නොකර තමාම එම ධුරයට පත්කරගැනීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු පියවර ගෙන ඇත. ඒ අනුව ඊශ්‍රායල අමාත්‍ය නෙදන්යාහු මේ වනවිට ආරක්ෂක, සෞඛ්‍ය, සුබසාධන සහ ඩයස්පෝරා යන අමාත්‍ය ධුර හතරම හොබවයි.
මීට පෙර අගමැති නෙදන්යාහු එරට විදේශ අමාත්‍ය ධුරය ද හෙබ වූ අතර පසුව එම තනතුරට ඊශ්‍රායල් කාට්ස් පත් කරන ලදි. අගමැතිවරයා හොබවන අමාත්‍ය ධුර සංඛ්‍යාව සම්බන්ධයෙන් පසුගිය මැයි මාසයේදී ඊශ්‍රායල ඉහළ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් විය. ඒ හේතුවෙන් අගමැති නෙදන්යාහු විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉවත් විය.
ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd