IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඊමේල් හැඩකරන සලකුණ හැදුණු හැටි

ප‍්‍රාග් ඵෙතිහාසික යුගයෙන් පසු එළැඹි මධ්‍යතන යුගයේ වැසියෝ ඔවුන්ගේ දෛනික ජීවිතය හා බැඳුණු කාර්යයන්හි මුල්වූ විෂයයන් සඳහා විවිධ සලකුණු භාවිතා කර තිබේ. සන්නිවේදනය , හැඳින්වීම, තීරණය කිරීම, ගබඩා කිරීම සටහන් තැබීම සඳහා විවිධ ජ්‍යාමිතික හැඩ ඇති ලකුණු යොදා ගෙන ඇත.

එම යුගයේ ස්පාඤ්ඤයේ හා පෘතුග්‍රීසි වැසියෝ ස්කන්ධය නොහොත් බර තීන්දු කිරීම සදහා විශේෂ සලකුණක් හාවිතා කර ඇත. අද සෑම විද්‍යුත් තැපෑලකටම අනිවාර්ය වූ ( @) ”ඇට්” යනුවෙන් හදුන්වන විශේෂ සලකුණ උපත ලබන්නේ එම යුගයේ ස්පාඤ්ඤයේදීය. සීමිත බරක් හැඳින්වීමට ඉහත සලකුණ යොදා ගෙන ඇත. එම බර ප‍්‍රමානය සාමාන්‍යයෙන් කිලෝ ග‍්‍රෑම් 11.3 පමණවේ.

පසු කලකදී විදේශ වෙළඳාමේ ව්‍යාප්තිය සමග ඉංග‍්‍රිසීන් විසින් ඇට් යන වචනයට ඉහත සලකුණ භාවිතා කිරීමට පුරුදු විය. ඉන්පසු ස්ථානයක් හදුන්වන සලකුනක් ලෙස සමාජ ගත වුයේය.  අන්තර්ජාලයේ උපත සමග ඒ හා බැඳුණු විද්යුත් තැපැල් පෙට්ටියක්ද බිහිවිය. 1971දී ඇමෙරිකානු ජාතික පරිගණක විශේෂඥයෙක් වන රේ තොම්ලින්සොන් විසින් ඉහත සලකුණ විද්යුත් තැපෑලට හඳුන්වාදී ඇත්තේය. වර්තමානයේ විද්යුත් තැපෑලක් හිමි සියල්ලෝ ඉහත සලකුණ භාවිතා කරති. අද එම සලකුණ නොමැති විද්යුත් තැපෑලක් නොමැති තරම්ය.

 

 



අදහස් (0)

ඊමේල් හැඩකරන සලකුණ හැදුණු හැටි

ටිරල් l Thursday, 22 October 2015 04:23 AM

ආනන්දගේ මෙම ලිපියට මාගේ ප්‍රසාදය පුදමි (ත)

:       0       0

ඇන්ටන් වර්ණකුලසුරිය ඔස්ලෝ Tuesday, 20 October 2015 12:14 PM

හැමදාම මිනීමැරුම් ,අනතුරු ,දුෂණ,අපචාර ගැන කතා බලන අපිට ඔලුවට ගන්න දෙයක් තිබෙන හොඳ ලිපියක්. සුනිල්ට ස්තුතියි! (නි)

:       0       0

ඉෂාර Tuesday, 20 October 2015 12:24 PM

බොහොම වටිනා ලිපියක් (නි)

:       0       0

චන්දරේ පැරීසිය Wednesday, 21 October 2015 04:43 PM

ආනන්දගේ මෙම ලිපියට මාගේ ප්‍රසාදය පුදමි ! (අ)

:       0       0

සාලිත Wednesday, 21 October 2015 03:48 AM

ටිකක් දිගට කියවන්න බලාගෙන ආවෙ. තව ටිකක් දිගු වුණා නම් හොඳයි (නි)

:       0       0

නාත් රණසිංහ Monday, 19 October 2015 07:23 PM

නමුත් e - mail පැමිණීමට පෙර මේ ලකුණ වැඩිපුරම බාවිතා වුනේ at the rate of යන්නටයි.(රේ)

:       0       0

රුවන් Tuesday, 20 October 2015 05:34 AM

බොහොමයක් මුර පද වලට මෙම ලකුණ භාවිතා කරනවා.(රේ්)

:       0       0

සහන් Monday, 19 October 2015 12:20 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

රාජා බස්නායක ග්‍රීසිය Wednesday, 21 October 2015 12:42 PM

හොඳ වැදගත් කරුණක් දැනගැනීමට ලැබුණු ලිපියක්. මෙවැනි දේ පාඨකයන්ට දැනගැනීමට සළස්වන ඔබතුමාට තවත් ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

ජානක බද්දේගම සෞදි රියාද් Tuesday, 20 October 2015 05:38 PM

ෂා! හොඳ ලිපියක්නේ.අපි මෙච්චර ඉන්ටර්නෙට් බලනවා.නමුත් ඔය කතාව දන්නේ නැහැනේ.එම දැනුම ලබා දුන් ඔබතුමාට පින්සිද්ධ වේවා !! (නි)

:       0       0

රදේ - බර්ලින් Tuesday, 20 October 2015 06:32 AM

මෙතුමා කවුරුවත් නොසිතන දේවල් ගැන ලියලා දැනුම බෙදාදෙනවා. (නි)

:       0       0

අජිත් නානායක්කාර ජිනීවා Tuesday, 20 October 2015 10:42 AM

නොදන්නා දේවල් දැනගැනීමට මෙවැනි වැදගත් ලිපි ලියන සුනිල් මහත්මයාට බොහෝම ස්තුතියි .(ම)

:       0       0

සුමාල් Tuesday, 20 October 2015 07:07 AM

එම සලකුණ නොමැති විද්යුත් තැපෑලක් නැත එය අනිවාර්යෙන් තිබිය යුතුය. (බ)

:       0       0

සේන Thursday, 22 October 2015 05:53 PM

දැනුම බෙදා දීම අති උතුම් පුණ්‍ය කර්මයක්. බෞද්ධයන්ගේ විශ්වාසයට අනුව ඊළඟ ආත්මයේදී සුනිල් මහතාගේ දැනුම දස දහස් ගුණයකින් වැඩි වේව(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 506 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1679 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site