ඊජිප්තුවේ උතුරු දිග සිනායි පළාතේ හමුදා මුරපොලක් ආසන්නයේ මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් පිපිරීමෙන් හමුදා සෙබලුන් අට දෙනකු මිය ගොස් 12ක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රහාරය සඳහා පැමිණි තිදෙනකු මරා දමා ඇති අතර පලාගිය අය සොයා මෙහෙයුම් දියත් කර ඇති බව හමුදා බලධාරීන් පවසයි. ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැත. ඊජිප්තු රජය හා ඉස්ලාම් අන්තවාදීන් අතර වසර ගනනක සිට ගැටුම් පවතී.

_84871520_84869969