IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ජීවිතයෙන් සමු ගනියි

ඊජිප්තුවේ හිටපු ජනාධිපතිවරයකු වන හොස්නි මුබාරක් අද (25) අභාවප්‍රාප්ත විය.

දශක තුනක් ඊජිප්තුව පාලන කළ හොස්නි මුබාරක් 2011වසරේදී ජනාධිපති ධුරයෙන් ඉවත් කෙරුණි. එම වසරේදී ඇති වූ ‘අරාබි වසන්තය’ විරෝධතා රැල්ලත් සමඟ බලයෙන් පහ කෙරුණු හිටපු ජනාධිපති හොස්නි මුබාරක් මිය යනවිට 91 වැනි වියේ පසුවිය.

ඒකාධිපති පාලකයකු ලෙස ප්‍රකට හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ට විරෝධතාකරුවන් ඝාතනය කළ බවට 2010 වසරේදී චෝදනා එල්ල වූ අතර ඔහු එම චෝදනාවලට වරදකරු කරමින් සිරගත කෙරුණි.

කෙසේ නමුත් 2017 වසරේ දී එරට අධිකරණයක් විසින් ඔහු නිදහස් කරන ලදි.

ඊජිප්තුවේ ජනාධිපති කාර්යාලය ද ඔහු මියගිය බව නිවේදනය කළ අතර හොස්නි මුබාරක්ගේ පුතා අලා මුබාරක් ද සිය පියා මියගිය බව සඳහන් කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.

හොස්නි මුබාරක් මිය යන අවස්ථාවේදී ඔහුගේ පවුලේ සාමාජිකයන් ඒ අසළ වූ බවත් රෝහලේදී ඔහු මියගිය බවත්, මුබාරක්ගේ මස්සිනා කෙනකු වන ජෙනරාල් මුනිර් තාබෙට් පැවැසීය.

හිටපු ජනාධිපතිවරයාගේ අවසන් කටයුතු හමුදා උත්තමාචාර යටතේ හෙට පැවැත්වෙන බව ද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රංශ පුවත් සේවයට පැවැසීය.

මුබාරක් කලක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ අතර මීට දින කිහිපයකට පෙර කයිරෝ අගනුවර හමුදා රෝහලකට ඇතුළත් කළේය. ඔහු එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඒ.එෆ්.පී.

055

 

 



අදහස් (0)

ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ජීවිතයෙන් සමු ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site