ඊජිප්තුව සහ සෞදි අරාබිය එක් කරමින් රතු මුහුද හරහා පාලමක් ඉදි කරන  සෞදි අරාබියේ සල්මන් රජු  ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊජිප්තුවේ පස් දින සංචාරයේ දෙවැනි දින  කයිරෝ නුවර දී ය. මීට පෙර ද මෙම යෝජනාව ඉදිරිපත් වූ අතර එම යෝජනාව සාර්ථක කරගැනීමට එවකට සිටි නායකයන්ට හැකියාවක් ලැබුනේ නැත.

ඒ අවස්ථාවලදී පාලම සදහා ඇස්තමේන්තු මුදල කෝටි 300ක් පමණ වූ අතර මෙවර වැය වන මුදල තවමත් ඇස්තමේන්තු කර නොමැත.

ඊජිප්තුවේ ජනපති අබ්දුල් පත්තාහ් මෙම පාලමේ නම සදහා අරාබියේ රජුගේ නම යෝජනා කර තිබේ .

මෙම පාලමෙන් දෙරට අතර මිතුදම මෙන්ම ආසියා  සහ අප්‍රිකා  මහද්වීප අතර වෙළද ක්‍රියාවන් තවත් පහසු වනු ඇති බව සල්මන් රජු ප්‍රකාශ කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.