ඊජිප්තුවේ ලක්සර් නගරයේදී සංචාරකයින් රැගත් උණුසුම් වායු බැලූනයක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් කිහිපදෙනෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මියගොස් ඇත්තේ දකුණු අප්‍රිකානු ජාතිකයෙකු බවත් අනතුර සිදුවන අවස්ථාවේ බැලූනයේ 20දෙනකු ගමන් කර ඇති බවත් බලධාරීහු පවසති.
තුවාල ලැබූ දෙදෙනකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා වී ඇත.දකුනු අප්‍රිකානු, ආජන්ටිනා,ස්පාඤ්ඤ සහ ඊජිප්තු සංචාරකයන් වායු බැලූනයේ ගමන් කර ඇත.පෞරාණික නගරයක් වන ලක්සර් වලට ඉහලින් ගමන් කරමින් තිබූ බැලූනය දැඩි සුළං හේතුවෙන් කඳුකර පෙදෙසකට ගසාගෙන ගොස් ඇති බව පැවසේ.
නයිල් නිම්නයේ පිහිටි ලක්සර් නගරය සංචාරක ආකර්ෂණීය නගරයක් ලෙස දිගු කාලයක සිට ප්‍රසිද්ධව පවතින අතර බැලූන් මගින් පියාසර කිරීම මෙහි ජනප්‍රිය අංගයකි.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
725
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1753
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊජිප්තුවේ සංචාරක වායු බැලූන අනතුරකින් එක් අයෙකු මරුට