ඊජිප්තුවේ කයිරෝ නගරය ආසන්නයේ පිහිටි ක්‍රිස්තියානි දේවස්ථායක් ඉදිරිපිට සිදුකළ විවෘත වෙඩි තැබීමකින් නව දෙනකු මියගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මියගිය අය අතර පොලිස් නිලධාරියකු ද සිටින බව පැවසේ.
දේව මෙහෙය අවසන් වී පිටතට පැමිණෙන පිරිසට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවත් එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.
ස්වයංක්‍රීය කුවක්කුවක්, පතරොම් සහ බෝම්බයක් ද දේවස්ථාන භූමියේ තිබී සොයාගෙන ඇත.
අයිඑස් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති අතර මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය තරයේ හෙලා දකින බව ඊජිප්තු බලධාරීහු පවසති.


(සී.එන්.එන් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd