ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා සහ කයිරෝ නගරය අතර ධාවනය වෙමින් තිබූ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 36 දෙනකු මියගොස් 123 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තාවේ.
එම දුම්රිය ඇලෙක්සැන්ඩ්‍රියාවට නැගෙනහිරින් පිහිටි කොයිෂිඩ් හි කුඩා දුම්රිය ස්ථානයක නවතා තිබූ දුම්රියක් හා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි ඊජිප්තු දුම්රිය අධිකාරිය පවසයි.
මෙම අනතුර පසුගිය දශකයක පමණ කාලය තුළ එරට සිදුවූ විශාලතම දුම්රිය අනතුර බව පැවසේ.
ඊජිප්තුවේ දුම්රිය සම්බන්ධයෙන් ආරක්ෂක වාර්තා පවත්වාගෙන යාම ඉතාමත් දුර්වල තත්ත්වයක පවත්නා බවත් ආරක්ෂිත පද්ධතීන්හි දුර්වලතා හා දුර්වල කළමනාකරණය මේ අනතුරට හේතුවී ඇති බවත් එරට මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.
2006 වර්ෂයේ දී මගී දුම්රිය දෙකක් කයිරෝ නගරය ආසන්නයේ දී ගැටීමෙන් 51 දෙනකු මියගිය අතර ඉන් පෙර 2002 වර්ෂයේ දී දුම්රියක හටගත් ගින්නක් හේතුවෙන් 370ට අධික පිරිසක් මියගියහ.
(ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙනි - 085)
2025 නොවැම්බර් මස 04
692
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී 36ක් මරුට