ඊජිප්තුවේ පැරණි රජ සමයට අයත් අවුරුදු 4300ක් පමණ පැරණි සිතුවම් සමූහයක් සොයාගත් බව පුරාවිද්‍යාඥයෝ කියති. ඔවුන් මේ සිතුවම් සොයාගෙන ඇත්තේ ගීසා පිරමීඩයට අඩි 1000ක් නැගෙනහිර දෙසින් කරන ලද කැණීමක දී හමුවූ පැරණි සොහානේ ගැබකිනි. එහි පාදමයැයි විශ්වාසකළ හැකි කොටසේ තිබී මේ සිතුවම් හමුවී ඇත.

පුරාවිද්‍යාඥයන් පවසන්නේ සිතුවම් ලාම්පු දැලි හා දුහුවිලි හේතුවෙන් බොහෝ දුර්වර්ණව වැසී ගොස් පැවති බවයි. ඒ සිතුවම් වලින් ඊජිප්තුවේ සිටි පැරණි පූජකයකු වූ පර්සනෙබ් නමැති අයගේ දින චර්යාවන් පෙන්වන බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. බෝට්ටුවක නැගී නයිල් නදියේ යාත්‍රා කරන ආකාරයත් කුරුල්ලන් දඩයම් කරන ආකාරයත් සිතුවමට නගා ඇත. ඒ සිතුවමේ පර්සනෙබ් පූජකවරයා, ඔහුගේ බිර්‍රඳ හා බල්ලකු දැක්වෙන බව ද පුරාවිද්‍යාඥයෝ කියති.

පුරාණ ඊජිප්තු රාජධානියේ ජන ජීවිතය ගෙනහැර දක්වන මේ සිතුවම් ඉදිරි සති කිහිපයේ දී නරඹන්නන්ට දැක ගැනීමට සැලැස්වීම පර්යේෂකයන්ගේ අපේක්ෂාවයි.

article-2694596-1FAFCFE000000578-412_634x710  article-2694596-1FAFCFE600000578-506_634x421 article-2694596-1FAFCFF400000578-864_634x821 article-2694596-1FB02F2A00000578-922_634x540