පසුගිය මැයි මාසයේ දී මධ්‍යධරණී මුහුදට කඩා වැටුණු ඊජිප්තු ගුවන්යානයේ සුන්බුන් හමුවී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ඊජිප්තු පර්යේෂකයන්ට එහි කළුපෙට්ටිය ද හමුවී ඇති අතර හඬ පටිගත කිරීම් ඇතුළත් එහි මතකයට හානි සිදුව නැතැයි ඔවුහු කියති.
පුද්ගලයන් 66 දෙනකු සමග මැයි 19 වැනිදා ඊජිප්තු එම්එස් 804 ගුවන්යානය පැරිස් නුවර සිට කයිරෝ දක්වා පියාසර කරමින් තිබියදී මධ්‍යධරණී මුහුදට කඩා වැටිණි.
කළු පෙට්ටිය සොයා ගැනීමත් සමග ගුවන්යානය කඩා වැටීමට හේතුව අනාවරණය කරගත හැකිවනු ඇතැයි පර්යේෂකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd