ඊජිප්තුවේ පාරාවෝ රජවරුන් විසින් සොහොන් කොත් තැනීමට වසර දහස් ගණනකට පෙර පවා ඉපැරණි රජදරුවන් විසින් සොහොන් කොත් තනා ඇතැයි දැන් පුරාවිද්‍යාඥයන්ගේ මතය වී තිබේ.
මේ නවතම මතය ඉදිරිපත් වී ඇත්තේ වසර 5600 ක් පමණ පැරණි සොහොන් කොත් සොයා ගැනීමත් සමගිනි. මෙය ඊජිප්තුව එක්සත් කිරීමටත් පෙර තැනූ සොහොන් කොතක් බව පිළිගැනීමයි. එය සොයාගෙන ඇත්තේ දකුණු ඊජිප්තුවෙනි. පුරාණ ඊජිප්තුවේ පළමු රාජවංශිකයන් වන පාරාවෝ රජ පෙළපත ක්‍රිස්තු පූර්ව 3100 සහ ක්‍රිස්තු පූර්ව 2890 අතර පාලනය ගෙනගොස් ඇත. මේ කාලයේ ඊජිප්තුවේ ඉහළ සහ පහළ යන කොටස් නාමාර් රජු විසින් එක් කරන ලදැයි විශ්වාසයක් තිබේ.
ඊජිප්තු ඉතිහාසයේ පළමු රාජවංශය පිළිබඳ යම් තොරතුරක් ඇතත් මේ බොහෝ මතයන්ට පාදක වී ඇත්තේ ස්මාරක හා වස්තූන් කිහිපයක් රජවරුන්ගේ නම් වලින් හැඳින්වීමයි.
අලුතෙන් සොයාගත් සොහොන් කොත සාදා ඇත්තේ ඊජිප්තුවේ පළමු රාජ වංශයේ ආරම්භකයා යැයි මෙතෙක් සිතා සිටි නාමර් රජුගේ පාලනයට ද පෙර යැයි ඊජිප්තුවේ පුරාවස්තු සම්බන්ධ අමාත්‍යාංශය පවසයි.
ලුක්සර් සහ අස්වාන් නගර අතර පිහිටි කොන්අල්ආමර් ප්‍රෙද්ශයේ හයිරකොන්පොලිස් භූමියේ තිබිය දීය. පුරාවිද්‍යාඥයන්ගේ මතය වී තිබුණේ මේ නගරය පූර්ව රාජවංශික නගර මධ්‍යස්ථානය සහ ඉහළ ඊජිප්තුවේ අගනුවර වන්නට ඇති බවයි.
යට රැවුලක් සහිත ඇත්දළ වලින් කරවූ මිනිස් රුවක් ද සොහොන් කොතේ අයිතිකරුගේ බෙහෙත් ගැල්වූ සිරුර ද තිබිණි. පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ හිමිකරු ගැටවර වියේ දී මිය යන්නට ඇති බවයි. කෙසේ වෙතත් මේ මමි කරන ලද ගැටවරයා රාජකීය පවුලක සාමාජිකයකු බව නම් ස්ථිරව ම කිව හැකි කරුණකි.
මමිය සමග තිබී පිහි, පනා ඇතුළු උපකරණය කිහිපයක් ද හමුවී ඇත. විවිධ රටවල් නියෝජනය කරමින් පැමිණ සිටින පුරාවිද්‍යා කණ්ඩායමේ ප්‍රධානී රෙනී ෆිඩ්මන් පවසන්නේ මේ සොහොන් කොත ආරක්සා කැර ඇති ආකාරයට පූර්ව රාජවංශයේ පූජා විධි සම්බන්ධයෙන් අලුත් තොරතුරු ලැබෙන බවයි. පූර්ව රාජවංශයේ පාරාවන් වනව නාර්මර් සහ රා යන රජවරුන්ගේ සොහොන් කොත් හිරුකොන්පොලිස් වල තිබී මීට පෙර සොයාගෙන තිබිණි. පළමු රාජවංශය පිළිබඳ ටිකක් දැන සිටිය ද මේ සොයාගැනීමත් සමග සැඟවී ඇති තොරතුරු ඊටත් වඩා බොහෝ විශාල විය හැකියැයි මතයක් ද පවතී.
පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ මේ සොහොන් කොත සාදා ඇත්තේ පළමු රාජ වංශයේ ආරම්භකයා වන නාමාර් රජුගේ පාලනයටත් පෙර සිට බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පූර්ව රාජ වංශයේ රා කියන රජුත් ශ්‍රී ලංකාවේ මහා රාවණා රජුත් අතර බොහෝ විට සම්බන්ධයක් තිබෙන්න පුළුවන්. (නි)
සිංහල රජෙක් වගේ? (නි)
මට නම් අපේ හිටපු ජනාධිපතිවරයෙක්ව මතක් වුණා... (නි)
ශුද්ධ වූ කුරාණය කියවා ඇති අපි මේ කතා කොහෙත්ම විශ්වාස කරන්නෙ නැහැ. (නි)
ඒකට අපේ අය? (නි)
අනුන්ගේ පෞරාණික වස්තු අාරක්ෂා කරන්න ලංකාෙවේ අය හරි දක්ෂයි. (ස)
අල්කුරානයේ පාරාවෝ පිළිබඳ වසර 1400 කට පෙර පවසා තිබෙනවා. මෙම පාරාවෝ පරම්පරාවේ රජකෙනෙකු ගැනත් කියා තිබෙනවා. (නි)
පිරිමිද සහ මමී කරණය සහ තවත් වටිනා දේවල් ගැන BBC රුපවාහිනී නාලිකාවෙන් හැදු වටිනා වැඩසටහන් මාලාව ඔබත් සිංහල උපසිරසි සමඟම බාගත කරනගෙන නැරඔීමට එන්න මෙම පහත ලින්කුවෙන් http://www.baiscopelk.com/tv-series/egypt/ (ස)
අැත්ත කිවුවහම කාටත් කේන්ති යනවානේ. (ස)
මේ මුහුණ ලංකාවේ හිටපු රාජ්‍ය නායකයකුගේ වගේ (ස)
සමහර තැන්වල ලියා තිබෙනවා ඒ විදියට සත්තු මැරුවාම සත්තුන්ට රිදෙන්නෙ නෑතිලු.(නදී)
කුමක් කිවුවත් ලංකාවේ ඉන්න බොහෝ අය හිතන්නේ ඒවායේ උරුමය ලංකාවේ කියලයි (නි)