කයිරෝ නුවර බලා පියාසර කරමින් තිබියදී පැහැර ගැනුණු ඊජිප්තු ගුවන් යානයේ සිටි විදේශිකයන් සිව් දෙනකු හා කාර්ය මණ්ඩලයේ හත් දෙනකු හැර සියලු මගීන් නිදහස් කළ බව අලුත්ම විදෙස් වාර්තා පවසයි.


ඇලෙක්ස්සැන්ඩ්‍රියාවේ බර්ග් අල් අරාබ් ගුවන් තොටුපළේ සිට ඊජිප්තුවේ කයිරෝ බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් පැහැරගෙන ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

ඊජිප්තුවේ එම් එස් 181 දරණ මෙම ගුවන් යානය අද පෙරවරු 7.15ට කයිරෝ නුවරට ගොඩබෑමට නියමිතව තිබූ බව කියති.

පැහැරගැනීමට සම්බන්ධවූවකු ගුවන් නියමුවාට පවසා ඇත්තේ තමා පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් බඳ පටියක් පැළඳගෙන සිටින බවයි. 

මෙම යානයේ 80ක් පමණ සිටි බවත් අවිගත් පුද්ගලයකු කාන්තාවනට හා දරුවනට යානයෙන් පිටවීමට ඉඩදුන් බවත් ඒපී පුවත් සේවය කියයි. ඊජිප්තු එයාර් ට්විටර් ගිණුමේ සඳහන්ව ඇත්තේ යානය පැහැරගත් පුවත සත්‍යයක් බවයි.

ප්‍රාණ ඇපකරුවන්ද සමග යානය සයිප්‍රසයේ ලානකා ගුවන්තොටුපළට ගොඩබස්වා ඇතැයි එක්ස්ප්‍රස් පුවත් සේවය කියයි.

egypt-plane-2016329656299