ඊජිප්තුවේ ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් මිය ගිය ගණන 26ක් පමණ වෙතියි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පැය 48ක් එකදිගට පැවැති අධික වැසි හේතුවෙන් ඇතිවූ ගංවතුර නිසා 72 ක් පමණ තුවාල ලබා ඇත.

දකුණු සිනායි හි නව දෙනකු මියගොස් ඇති බවත් උතුරු ඊජිප්තුවේ සොහාග් හි අට දෙනකු මියගොස් ඇති බවත් වාර්තාවේ.

එරට සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශක කලීඩ් මෙගාහෙඩ් කියනුයේ මරණ සංඛ්‍යාව තවත් ඉහළ  යා හැකි බවයි. ඊට හේතුව ඇතැම් පවුල් මියගිය අයගේ සිරුරු භූමදානය කිරීමට පෙර ඒ පිළිබඳ වාර්තා නොසැපයීම බවත් ඔහු සඳහන් කරයි.

අවතැන්වූ ඊජිප්තු ජනයාට සහන සැලසීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 5.6ක ආධාර ලබාදීමට එරට රජය පියවර ගෙන ඇත.

web479 web-7443-4794-9d3c-55e3f136cb91_16x9_788x442