ඉස්ලාමීය සටන්කාමීන් මාලදිවයිනේ මාධ්‍යවේදී අහ්මද් රිල්වාන් ඝාතනය කර ඇතැයි ‘ඝාතන සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසම’ ප්‍රකාශ කරයි.
පසුගිය රජයේ සමයේ සිදු වූ ඝාතන සහ අතුරුදන් වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මාලදිවයිනේ ජනාධිපතිවරයා එම කොමිසම පත් කරන ලදි. මාධ්‍යවේදී අහ්මද් රිල්වාන් බලහත්කාරයෙන් පැහැර ගෙන ගිය බව පැවැසුණි.
මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් විවේචනය කළ නිසා මාධ්‍යවේදී රිල්වාන් පැහැර ගෙන ගියේ යැයි ද කියැවුණි.
රිල්වාන් පැහැර ගනු ලැබුවේ 2014 වසරේ අගෝස්තු මාසයේදීය. ඔහු පැහැර ගත්තේ අබ්දුල්ලා යමීන් බලයට පත්ව වසරකට පසුවය. අහ්මද් රිල්වාන් මාලදිවයිනේ ස්වාධීන මාධ්‍යවේදියකු වූ අතර ඔහු ආණ්ඩුවේ වංචා සහ දූෂණ මෙන්ම ඉස්ලාමීය සටන්කාමීන් සම්බන්ධයෙන් ද දිගින් දිගටම වාර්තා කළේය.
ආණ්ඩුව විවේචනය කිරීමත් ඉස්ලාමීය අන්තවාදය ගැන ලිවීමත් නිසා රිල්වාන් ඉලක්කයක් බවට පත්වූ බව මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් සංවිධාන අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළේය.
රිල්වාන්ගේ ඝාතනයට සෘජුව සම්බන්ධ පිරිස්වලින් කොමිසමට සාක්ෂි ලැබුණු බව ඝාතන සහ බලහත්කාරයෙන් කරන ලද පැහැර ගැනීම් පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති හුස්නු සවුද් පැවැසීය.
“විදෙස් ජිහාද් සංවිධාන සමඟ සබඳතා පැවැත්වූ ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් රිල්වාන් ඝාතනය කළා. ඔවුන් ඊට පෙර අවස්ථා කිහිපයකදීත් රිල්වාන්ට අනතුරු අඟවා තිබෙනවා” සවුද් කීය. මාලේ අගනුවර පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ඔහු එම කරුණු සඳහන් කළේය.
පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයේදී අබ්දුල්ලා යමීන් පරාජයට පත්වූ අතර විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ ඊබ්‍රහිම් මොහොමඞ් සෝලි ඉන් ජයගත්තේය. ජනාධිපති කොමිසම පත් කරන ලද්දේ ජනාධිපති සෝලිය. ඒ අනුව මෙම විමර්ශන කටයුතු සිදු කෙරුණි.
පැහැර ගැනීමෙන් පසුව මුහුදේදී රිල්වාන් ඝාතනය කර ඇතැයි ද ජනාධිපති කොමිසමේ සභාපති සවුද් පැවැසීය. විමර්ශනවලට බාධා එල්ල වන කියමින් ඔහු වැඩිදුර විස්තර කීම ප්‍රතික්ෂේප කළේය.
අහ්මද් රිල්වාන් පැහැර ගැනීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරෙහිව නඩු පැවැරීමට කිසිදු සාක්ෂියක් නැතැයි ද සවුද් කීවේය.
මේ සම්බන්ධයෙන් අබ්දුල්ලා යමීන්ගෙන් සහ ඔහුගේ නීතිඥයාගෙන් අදහස් විමසීමට උත්සාහ කළ ද ඒවා අසාර්ථක විය. කෙසේ නමුත් ඝාතන සිදුවීම්වලට තමන්ගේ සම්බන්ධයෙන් නැතැයි හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළේය.
රිල්වාන්ගේ අතුරුදන් වීමෙන් අනතුරුව 2017 වසරේදී මාධ්‍යවේදී යමීන් රෂීඞ් ඝාතනයට ලක්විය. මාධ්‍යවේදීන්ට එරෙහිව කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් එම රජයට දිගින් දිගටම චෝදනා එල්ල විය. යමීන් රෂීඞ් ද ඉස්ලාමීය සටන්කාමීන් සහ රාජ්‍ය දූෂණ සම්බන්ධයෙන් දිගින් දිගටම සිය බ්ලෝග් ලිපි ලිවීය.
රොයිටර් ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉස්ලාමීය සටන්කාමීන් මාලදිවයිනේ මාධ්‍යවේදී රිල්වාන් ඝාතනය කරලා