ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීම ප්‍රංශ විදෙස් ප්‍රතිපත්තියේ ප්‍රමුඛතම කාර්යය යැයි එරට ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පවසයි. ධ්‍රැවීකරණය වෙමින් පවතින ලෝකය තුළ ස්ථාවර බලසම්පන්න රටක් බවට පත්වීම අවධාරණය කරමින් ප්‍රංශ ජනාධිපතිවරයා ඒ බව පවසා තිබේ.
“ප්‍රංශ පුරවැසියන්ට ආරක්ෂාව සැපයීම යනු ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහි සටන ප්‍රංශ විදෙස් ප්‍රතිපත්තියේ ප්‍රමුඛතම කාර්ය” යැයි ප්‍රංශයේ පැරිස් නුවරට එක්රැස් වූ එරට රාජ්‍ය තාන්ත්‍රිකයන් 200කට වැඩි පිරිසක් අමතමින් එමානුවෙල් මැක්රෝන් එම අදහස් පළ කළේය.
“බොළඳ අදහස්වලට ඉඩ නොදිය යුතුයි. කිසිවක් සරලව නොගත යුතුයි. ඒ වගේම ඉස්ලාම් දහම ඉස්ලාම් ත්‍රස්තවාදය පටලවා නොගත යුතුයි. රටේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියේ මූලික අරමුණ ප්‍රංශ වැසියන් ආරක්ෂා කිරීම” යැයි ද ප්‍රංශ ජනාධිපතිවරයා කීය.
වසර 2015 සිට මේ දක්වා ගත වූ කාලයේදී ප්‍රංශයට ත්‍රස්ත ප්‍රහාර විශාල සංඛ්‍යාවක් එල්ල වූ අතර එම ප්‍රහාරවලින් 230කට වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත්වූහ. එපමණක් නොව ත්‍රස්ත ප්‍රහාරවලින් වැඩිම බලපෑමක් වූ රට බවට පත්වූයේ ද බටහිර යුරෝපයයි.
(ඒ.එෆ්.පී 055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd