ශී‍්‍ර ලංකාවේ සිට  ඕස්ටේ‍්‍රලියාවට පැමිණෙන අනවසර සංක‍්‍රමණිකයින්ගේ සැළකිය යුතු අඩුවීමක් දක්නට තිබෙන බව දිවයිනට පැමිණ සිටින ඕස්ටේ‍්‍රලියා ආගමන විගමන හා දේශසීමා ආරක්ෂක අමාත්‍ය පීටර් ඩටන් පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ පිළීබඳ අදහස් දැක්වූ ඔහු ශී‍්‍ර ලංකාවේ ආණ්ඩු පෙරළියක් සිදුවූ නිසා මෙවැනි වාතාවරණයක් ඇතිව තිබෙන්නේ යැයි අදහසක්  ඕස්ටේ‍්‍රලියාවේ නොමැති බවද කීවේය.

ශී‍්‍ර ලංකාවේ වත්මන් අගමැතිවරයා හා අමාත්‍යවරුන් ඉතාම උණුසුම් අන්දමින් තමන්ව පිළිගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

2008 - 2013 කාල වකවානුවේදී පමණක් ජාවාරම්කරුවන්ගේ නොයෙකුත් ගැටවලට හසුව  ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වීමට පැමිණි 1200 දෙනෙක් පමණ ඔවුන් පැමිණි යාත‍්‍රා ආපදාවට ලක්වීම නිසා අකාලයේ මුහුදේ ගිළි මියගොස් තිබෙන බවද ඔහු පැවසීය. මේ නිසා මෙවන් ව්‍යසනයන් වැළැක්වීමට දැඩි පියවර ගැනීමේ  වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.

අනවසර සංක‍්‍රමණිකයින්ගේ ගැටලූව විසදීමට අත්වැල් බැඳගෙන සිටින්නා සේම ඉදිරියේදී වෙළද,ආයෝජන,සංචාරක,හා අධ්‍යාපනික ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන්ද ශී‍්‍රලංකාව හා නව සබදතා ඇතිකර ගැනීමට  ඕස්ටේ‍්‍රලියාව අපේක්ෂාවෙන් සිටින බවද ඔහු කීවේය.