සරණ පතා ජෙඩා නුවර ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයට පැමිණ සිටින ගෘහසේවිකාවන් 35 දෙනෙක් නැවත දිවයින බලා පිටත් කර එවීමට කටයුතු කෙරෙමින් තිබෙන බව තානාපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

මෙම ගෘහසේවිකාවන් තමන්ට ගෙවන මුදලේ මදි කම,ගෙහිමියන් හරිහැටි නොසැළකීම ආදී කරුණු ගෙනහැර දක්වමින් තමන් සේවයේ නියුතුව සිටි ස්ථානයෙන් පැනවිත් තිබෙන්නවුන් බව සදහන්ය.

සේවය අතහැර පැමිණෙන සේවිකාවන් අමුත්තක් නොවන බව පවසන තානාපති කාර්යාල ආරංචි මාර්ග බොහෝ අවස්ථාවන්හිදී ඔවුන්ගේ හාම්පුතුන් හා සාකච්ඡා කිරීමෙන් පසුව ඔවුන්ව නැවත සේවයට අනුයුක්ත කෙරෙන බව කියයි. එසේ කළ නොහැකිම අවස්ථාවකදී යළිත් ශී‍්‍ර ලංකාවට පිටත් කර එවනවා හැරෙන්නට වෙන කළ හැකි දෙයක් නැති බව එම ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මෙම ගෘහසේවිකාවන් 35 දෙනා දිවයින වෙත පිටත් කර එවනු ඇත. ඔවුන් සදහා ගුවන්වියදම් දරන්නේ රජයයි.

ශී‍්‍රලංකාවෙන් ගෘහසේවිකාවක් ගෙන්වාගැනීම සදහා එක් ගෘහමුූලිකයෙක් සෞදි රියාල් 20000 - 30000 අතර මුදලක් දරන බව පැවසේ.එලෙස ගෙන්වාගන්නා සේවිකාවකට වේතනය ලෙස ලැබෙන්නේ සෞදි රියාල් 900 ක වැනි මුදලකි.