IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉසුරු අහිමිවූ 35ක් ගමරට එති

සරණ පතා ජෙඩා නුවර ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයට පැමිණ සිටින ගෘහසේවිකාවන් 35 දෙනෙක් නැවත දිවයින බලා පිටත් කර එවීමට කටයුතු කෙරෙමින් තිබෙන බව තානාපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

මෙම ගෘහසේවිකාවන් තමන්ට ගෙවන මුදලේ මදි කම,ගෙහිමියන් හරිහැටි නොසැළකීම ආදී කරුණු ගෙනහැර දක්වමින් තමන් සේවයේ නියුතුව සිටි ස්ථානයෙන් පැනවිත් තිබෙන්නවුන් බව සදහන්ය.

සේවය අතහැර පැමිණෙන සේවිකාවන් අමුත්තක් නොවන බව පවසන තානාපති කාර්යාල ආරංචි මාර්ග බොහෝ අවස්ථාවන්හිදී ඔවුන්ගේ හාම්පුතුන් හා සාකච්ඡා කිරීමෙන් පසුව ඔවුන්ව නැවත සේවයට අනුයුක්ත කෙරෙන බව කියයි. එසේ කළ නොහැකිම අවස්ථාවකදී යළිත් ශී‍්‍ර ලංකාවට පිටත් කර එවනවා හැරෙන්නට වෙන කළ හැකි දෙයක් නැති බව එම ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මෙම ගෘහසේවිකාවන් 35 දෙනා දිවයින වෙත පිටත් කර එවනු ඇත. ඔවුන් සදහා ගුවන්වියදම් දරන්නේ රජයයි.

ශී‍්‍රලංකාවෙන් ගෘහසේවිකාවක් ගෙන්වාගැනීම සදහා එක් ගෘහමුූලිකයෙක් සෞදි රියාල් 20000 - 30000 අතර මුදලක් දරන බව පැවසේ.එලෙස ගෙන්වාගන්නා සේවිකාවකට වේතනය ලෙස ලැබෙන්නේ සෞදි රියාල් 900 ක වැනි මුදලකි.

 



අදහස් (0)

ඉසුරු අහිමිවූ 35ක් ගමරට එති

රජින්ද Sunday, 28 December 2014 10:46 AM

මෙහෙම එන කට්ටියට වෙන්න ඇති අර පහුගිය දවස් වල ජනපති තුමාට ජන්දය දාන්න එනවයි කියපු "රට විරුවෝ" කියල කිව්වේ. (බ)

:       0       0

රාජා Sunday, 28 December 2014 11:21 AM

සෞදි අරාබිය,කුවේට් කියන රටවල් දෙකේම මම සිටි නිසා මම මේ රටවල් ගැන හොඳින් දනිමි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site