
තුර්කියේ ඉස්තාන්බුල් නුවර, මැයි දින රැළියට පොලිසිය හරස් විය. දස දහස් ගණනක් තුර්කි වැසියන් මැයි දින රැලියට එක් වී සිටි අතර, ඔවුන් මර්දනයට පොලිස් නිලධාරීන් 50,000 ක පිරිසක් යෙදවිණි.
එම මැයි දින රැලිය පැවැත්වූයේ ඉස්තාන්බුල් නගරාධිපති එක්රෙම් ඉමාමොග්ලු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය මුල්කොට ගනිමිනි. ඉමාමොග්ලු යනු තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා ද වෙයි.
ඉමාමොග්ලු අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ඔහුට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා හේතුවෙනි. කෙසේ නමුත් ඉමාමොග්ලු එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, ඉමාමොග්ලු චෝදනා නගන්නේ තමන් දේශපාලන පළිගැනීම්වලට ලක් වන බවය.
කැරැලි මර්දන පොලිසිය මැදිහත් වී, ඉස්තාන්බුල් නුවර මැයි දින රැලියට එක්වුණු පිරිස් පහර දී විසුරුවා හැරීමටත් ඇතැමුන් බලහත්කාරයෙන් පොලිස් බස් රථවලට පටවා ගැනීමටත් පොලිසිය කටයුතු කරන දසුන් මේවනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
458
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉස්තාන්බුල් මැයි දින රැලියට පොලිස් ප්‍රහාරයක්