නේපාලයේ දකුණු දිග ප්‍රදේශයේ රජයට විරුද්ධව පෙළපාලි ගිය විරෝධතා කරුවන් විසිරුවා හැරීමට යෑමේදී පොළිස් වෙඩි පහරින් අවම වශයෙන් හතර දෙනකුවත් මියගොස් දස දෙනකු පමණ තුවාල ලබා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. පොළිස් ආරංචි මාර්ග පවසන්නේ සෙනසුරාදා තිදෙනකුද ඉරිදා එක් පුද්ගලයකුද මියගොස් ඇති බවයි.
මෙසේ විරෝධතාවල යෙදී ඇත්තේ මදෙසි නම් සුළු ජාතික කණ්ඩායමට අයත් පිරිසකි. ඔවුන් පවසන්නේ නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හේතුවෙන් තම ජන කොට්ඨාශයට බලවත් අසාධාරනයක් සිදුවන බවයි. තම ජනකොට්ඨාශයට වැඩි සැළකිලි ලබාදෙන ලෙස රජයට බලකරමින් නේපාල ඉන්දියා දේශසීමා අවහිර කරමින් මොවුන් මාස දෙකක කාලයක් තිස්සේ විරෝධතා වල යෙදේ. මේ හේතුවෙන් මෙම ප්‍රදේශයේ පාසල්ද වසා දමා ඇත.
ඉංදියාව හොර රහසේ මෙම කණ්ඩාමට ආධාර කරන බව නේපාල රජයේ මතයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd