
තමන් ඉල්ලා අස්වීමට ගත් තීරණය තවමත් වෙනස් කර නැතැයි ඉතාලි සෙනෙට් මණ්ඩලය අමතමින් අග්‍රාමාත්‍ය මාරියෝ ද්‍රාගී පවසා තිබේ.
මාරියෝ ද්‍රාගී ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ මාස 17 ක් තිස්සේ පැවැති ඔහුගේ සන්ධාන රජය බිඳ වැටුණු බැවිනි. සන්ධාන රජය බිඳ වැටීමට හේතුව දේශපාලන පක්ෂ අතරේ ඇති මත ගැටුම්ය.
තමන් ඉල්ලා අස්වීමට සූදානම් යැයි 74 හැවිරිදි මාරියෝ ද්‍රාගී ඉතාලි ජනාධිපති සර්ගියෝ මැටරෙල්ලාට දැනුම් දුන්නේ පසුගිය සතියේය.
එහෙත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම බාර ගත්තේ නැත. මාරියෝ ද්‍රාගී ට විශ්වාසය පළ කිරීමේ ඡන්ද විමසුමක් ද පැවැත්වීමට නියමිතය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd