
නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවෙයි.
ස්පේස් එක්ස්, ටෙස්ලා මෙන්ම එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ ද හිමිකරු වන ඉලොන් මස්ක්, ට්‍රම්ප්ට සහාය දක්වන බව නිවේදනය කළේ අද (6) පෙන්සිල්වේනියා ජනපදයේ, බට්ලර් නුවර පැවැත්වුණු ජන රැලියක් අතරතුරේ ට්‍රම්ප් සමඟ මැතිවරණ වේදිකාවට ගොඩවෙමිනි.
පසුගිය ජුනි 13 වැනිදා ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ ද මෙම ස්ථානයේදී වීම විශේෂත්වයකිනි. එම වෙඩි ප්‍රහාරයෙන් ට්‍රම්ප්ගේ දකුණු කන් පෙත්ත තුවාල විය. වේදිකාවේ සිටි රැස්ව සිටි රිපබ්ලිකන් පාක්ෂිකයන් අමතද්දී, ට්‍රම්ප් එම සිද්ධිය ද මතක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd