ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි තවමත් ජීවතුන් අතර සිටින්නේ ද යන්න පිළිබඳව තමාට නිශ්චිත විශ්වාසයක් නොමැති නමුත්, ඔහු මියයනවා දැකීමට තමාගේ කැමැත්තක් නැතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට මාධ්‍ය හමුවේ පවසා ඇත.
මොජ්තබා කමේනි සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැති අතර, ඉකුත් 28 වැනිදා එල්ල වුණු ඊශ්‍රායල ප්‍රහාරයෙන් දරුණු ලෙස තුවාල ලබා ප්‍රතිකාර සඳහා රුසියාවට ගෙන ගොස් ඇතැයි ද පැවැසෙයි. මොජ්තබා කමේනි රැසියාවට යෑම ගැන ට්‍රම්ප් කිසිවක් පවසා නැත.
ඉකුත් පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකා ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලින් එවකට සිටි උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියයාමෙන් පසු, මොජ්තබා කමේනි නව නායකයා ලෙස තෝරා පත් කර ගැනීම සිදුවිය. මොජ්තබා කමේනි යනු අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්‍රයාය.
මේ අතර, මැදපෙරදිග වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ ඉරානය නිකුත් කරන පරස්පර විරෝධී ප්‍රකාශ පිළිබඳව තමන් දැඩි අවදානයෙන් පසුවන බව රුසියාව පවසා ඇත.
රුසියාවේ ටාස් පුවත් ඒජන්සිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙම අර්බුදය කඩිනමින් සමනය වනු ඇතැයි රුසියානු රජය විශ්වාසය පළ කරන බවය. ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, ඉරානය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් එකිනෙකට පටහැනි ප්‍රකාශ රැසක් මේ වනවිට අසන්න ලැබී ඇති බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd