මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානාවක් එළිදැක්වීමට ඉරානය කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මුහුදේ හා ගොඩබිම ඉලක්ක සොයාගොස් පුපුරුවා හැරිය හැකි පරිදි එම යානය නිපදවා ඇතැයි කියති.
එම ඩ්‍රෝනයට මෙතෙක් නමක් ලබාදී නැති බවත් එහි සාමාන්‍ය බෝම්බයක් පමණක් රඳවා තැබිය හැකි බවත් මිසයිල රැඳවිය නොහැකි බවත් කියති.
එය ඉහළ අහසේ සිට අදාළ ඉලක්ක සොයා ඔත්තු බැලීමේ මෙහෙයුම් සඳහාද උපකාරී කරගත හැකි බවද වාර්තාවේ. ‘තන්ඩර් බෝල්ට්‘ යන අන්වර්ථ නාමයක් එයට යොදා ඇත.
පැයට සැතපුම් 155ක වේගයෙන් පියාසර කළ හැකි එම ඩ්‍රෝනයට අඩි 3000ක් ඉහළට නැගිය හැකි බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවිදියේ දේවල් ලොවට හඬගා කිවුවත්, ඉරාණය තවමත් ත්‍රස්තවාදී කටයුතුවල පුර්ණ වශයෙන්ම යෙදී සිටින බව මේ වාර්තාවෙන් හොඳින් පැහැදිලි වෙනවා. ඉරානයේ න්‍යෂ්ඨික කටයුතු වලට එරෙහිව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් පැනවූ සම්බාධක ඉවත්කර ගැනීමට ඔවුන් දුන් ව්‍යාජ පොරොන්දු, බටහිර රටවල් වලට කරන ලද සමච්චලයක් නොවේද? (නි)
අනේ මිනිසුනේ, අහිංසක මිනිසුන්ව තවත් මරාදැමීමට ක්‍රමවේද සොයන්න එපා. වෛරයෙන් කිසිදෙයක් විසඳන්න බැහැ. මිනිසුන් ජීවත්කරන්න දේවල් හොයාගන්න. අපි මේ විශ්වයේ තනිවෙලා ඉන්න ජීවින් පිරිසක් (නි)
තාක්ෂණය උපයෝගී කරගන්නේ තවකෙකු විනාශ කිරීමට මිස මිනිසාගේ යහපතට නොවේ. (නි)
අබය, මමත් ඔබේ අදහස් සමඟ එකඟයි
අයියෝ මෙයට මිනිසුන්ගේ ප්‍රතිචාර! මෙය යුද උපකරණයක්ය. ලංකාවත් යුද උපකරණ නිෂ්පාදන කළා නම් ආරක්ෂක වියදම අඩුකරගන්න පුළුවන් (නි)
ඇයි විනාශකාරී දේවල් සොයාගන්න මෙතරම් උනන්දු? (නි)
මේවා ලංකාවට එන්න ඉස්සෙල්ල කොටින්ව විනාශ කළ ලෝකේ උතුම්ම ත්‍රිවිධ හමුදාව වන අපේ ත්‍රිවිධ හමුදාවට අපි සදා ණය ගැතියි. මේව කොටින්ට ලැබුණානම් අද අපිට කියන්න වෙන්නේ "මිස්ටර් ප්‍රබාරකරන් " කියල නේද? (බ)
අල්ලාහ් දෙවිදුන් මිනිසුන්ට ලබාදුන් මොලය මගින් කරන සොයා ගැනීම්. විශිෂ්ටයි. මාෂා අල්ලාහ් ! (ම)
මොවුන් සුදු රෙදි ඇඳගෙන රතු ලේ පිපාසයෙන් පෙලෙන්නෝ වෙති ...(බ)