මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානාවක් එළිදැක්වීමට ඉරානය කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මුහුදේ හා ගොඩබිම ඉලක්ක සොයාගොස් පුපුරුවා හැරිය හැකි පරිදි එම යානය නිපදවා ඇතැයි කියති.
එම ඩ්‍රෝනයට මෙතෙක් නමක් ලබාදී නැති බවත් එහි සාමාන්‍ය බෝම්බයක් පමණක් රඳවා තැබිය හැකි බවත් මිසයිල රැඳවිය නොහැකි බවත් කියති.
එය ඉහළ අහසේ සිට අදාළ ඉලක්ක සොයා ඔත්තු බැලීමේ මෙහෙයුම් සඳහාද උපකාරී කරගත හැකි බවද වාර්තාවේ. ‘තන්ඩර් බෝල්ට්‘ යන අන්වර්ථ නාමයක් එයට යොදා ඇත.
පැයට සැතපුම් 155ක වේගයෙන් පියාසර කළ හැකි එම ඩ්‍රෝනයට අඩි 3000ක් ඉහළට නැගිය හැකි බව කියති.
2025 නොවැම්බර් මස 04
646
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉරානයෙන් මරාගෙන මැරෙන ඩ්‍රෝනයක්
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Wednesday, 26 October 2016 07:35 PM
මොනවිදියේ දේවල් ලොවට හඬගා කිවුවත්, ඉරාණය තවමත් ත්‍රස්තවාදී කටයුතුවල පුර්ණ වශයෙන්ම යෙදී සිටින බව මේ වාර්තාවෙන් හොඳින් පැහැදිලි වෙනවා. ඉරානයේ න්‍යෂ්ඨික කටයුතු වලට එරෙහිව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් පැනවූ සම්බාධක ඉවත්කර ගැනීමට ඔවුන් දුන් ව්‍යාජ පොරොන්දු, බටහිර රටවල් වලට කරන ලද සමච්චලයක් නොවේද? (නි)
අශිකා Wednesday, 26 October 2016 10:09 PM
අනේ මිනිසුනේ, අහිංසක මිනිසුන්ව තවත් මරාදැමීමට ක්‍රමවේද සොයන්න එපා. වෛරයෙන් කිසිදෙයක් විසඳන්න බැහැ. මිනිසුන් ජීවත්කරන්න දේවල් හොයාගන්න. අපි මේ විශ්වයේ තනිවෙලා ඉන්න ජීවින් පිරිසක් (නි)
අබය Thursday, 27 October 2016 01:21 AM
තාක්ෂණය උපයෝගී කරගන්නේ තවකෙකු විනාශ කිරීමට මිස මිනිසාගේ යහපතට නොවේ. (නි)
ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 27 October 2016 01:03 PM
අබය, මමත් ඔබේ අදහස් සමඟ එකඟයි
ජෝයි Thursday, 27 October 2016 02:24 PM
අයියෝ මෙයට මිනිසුන්ගේ ප්‍රතිචාර! මෙය යුද උපකරණයක්ය. ලංකාවත් යුද උපකරණ නිෂ්පාදන කළා නම් ආරක්ෂක වියදම අඩුකරගන්න පුළුවන් (නි)
රාධා Thursday, 27 October 2016 03:39 PM
ඇයි විනාශකාරී දේවල් සොයාගන්න මෙතරම් උනන්දු? (නි)
කමනි Friday, 28 October 2016 07:57 AM
මේවා ලංකාවට එන්න ඉස්සෙල්ල කොටින්ව විනාශ කළ ලෝකේ උතුම්ම ත්‍රිවිධ හමුදාව වන අපේ ත්‍රිවිධ හමුදාවට අපි සදා ණය ගැතියි. මේව කොටින්ට ලැබුණානම් අද අපිට කියන්න වෙන්නේ "මිස්ටර් ප්‍රබාරකරන් " කියල නේද? (බ)
නුලේෆ් Thursday, 27 October 2016 06:21 AM
අල්ලාහ් දෙවිදුන් මිනිසුන්ට ලබාදුන් මොලය මගින් කරන සොයා ගැනීම්. විශිෂ්ටයි. මාෂා අල්ලාහ් ! (ම)
ප්‍රදීප් Thursday, 27 October 2016 07:47 AM
මොවුන් සුදු රෙදි ඇඳගෙන රතු ලේ පිපාසයෙන් පෙලෙන්නෝ වෙති ...(බ)