ඇමෙරිකානු ප්‍රහාරයකින් ඉරානයේ ප්‍රමුඛතම සන්නද්ධ අණදෙන නිලධාරියකු වන කසීම් සුලෙයිමානී මරුමුවට පත්වීමත් සමඟ යුරෝපයේ කොටස් වෙළෙඳපොළවල් රැසක් පහළ ගියේය.
ලන්ඩනයේ ප්‍රධානතම දර්ශකයක් වන ‘එෆ්.ටී.එස්.ඊ. 100’ දර්ශකය 0.3% කින් ඒකක 7,578.79 ක් දක්වා පහත වැටිණි.
යුරෝපා කලාපයේ ෆ්‍රෑන්ක්ෆර්ට්හි ඩී.ඒ.එක්ස් 30 දර්ශකය 0.9% කින් ඒකක 13,267.38ක් දක්වා පහත වැටුණු අතර පැරිසියේ සී.ඒ.සී. 40 දර්ශකය 0.6% කින් ඒකක 6,014.18ක් දක්වා පහළ ගියේය.
අලුත් අවුරුදු උදාවත් සමඟ ලොව කොටස් වෙළෙඳපොළවල් රැසක් වර්ධනයක් පෙන්නුම් කළ නමුත් ඇමෙරිකාවේ ප්‍රහාරයෙන් ඉරානයේ ජෙනරාල්වරයකු වන කසීම් සුලෙයිමානි ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ඒ සියල්ල අනෙක් පස හැරිණි.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd