IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ඉරානයට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නවා

ඊශ්‍රායලයේ බෙන් ගුරියොන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යේමනයේ හවුති සටන්කාමීන්ගෙන් එල්ල වුණු දිගු දුර බැලැස්ටික මිසයිල ප්‍රහාරයෙන් පසු ඒ සම්බන්ධයෙන් ඉරානයෙන් පළිගන්නා බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රතිඥා දී ඇත.

හවුති සටන්කාමීන් එල්ල කළ එම බැලැස්ටික් මිසයිල ප්‍රහාරයෙන්, කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු අතර, හවුති සටන්කාමීන්, ඊශ්‍රායලයේ ගුවන්තොටුපොළකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

සතුරු මිසයිලයක් ඊශ්‍රායලයට දෙසට පැමිණෙද්දී, ඊශ්‍රායල හමුදාවේ ප්‍රති මිසයිල ක්‍රියාත්මක වී, එම සතුරු මියසිල ගුවනේ දී විනාශ කිරීම සිදුවෙයි.

කෙසේ නමුත් මෙම බැලැස්ටික මිසයිලය එම ප්‍රති මිසයිල පද්ධතියට හසු නොවීම සම්බන්ධයෙන් මේ වනවිට ඊශ්‍රායල හමුදාව විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇත. බැලැස්ටික මිසයිල ප්‍රහාරයන් තුවාල ලැබූ ගණන 8 ක් යැයි පැැවසෙයි.

යේමනයේ හවුති සටන්කාමීන් යනු ෂියා මුස්ලිම් සටන්කාමී සංවිධානයකි. මොවුන්ට සහාය දෙන්නේ ඉරානයයි. ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දක්වන්නේ ද මෙම හවුති සටන්කාමීන්ය.

මේ වනවිට ඇමෙරිකාව, යේමනයේ හවුති සටන්කාමී සංවිධානය ගෝලීය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත. ඇමෙරිකාව දිගට හරහට හවුති සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඉරානයට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 462 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site