පසුගිය වසරේ ඉරානයට එරෙහිව පනවන ලද සම්බාධක ලිහිල් කරන ලෙසට ජාත්‍යන්තර අධිකරණය ඇමරිකාවට නියෝග කර තිබේ.

ආහාර සහ ඖෂධ වැනි මානුෂීය ද්‍රව්‍ය ඉරානයට අපනයනය කිරීමට ඉඩ දෙන ලෙස එහිදී සඳහන් කර ඇත.

කෙසේ වුවද ඇමරිකාව පවසන්නේ මෙය ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් වන හෙයින් මෙවැනි නියෝග නිකුත් කිරීමට ජාත්‍යන්තර අධිකරණයට බලයක් නොමැති බවයි.

ඉරාන විදේශ අමාත්‍යාංශය පවසන්නේ ඇමරිකාව ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක නීති විරෝධී බව මෙම නියෝගයෙන් තහවුරු වන බවයි.

ඉරානයට එරෙහිව ඇමරිකාව විසින් පනවා ඇති සම්බාධක හේතුවෙන් ඉරාන රියාලයේ අගය වේගයෙන් පහත වැටුණු අතර මේ වනවිට ඉරාන ආර්ථිකය කඩාවැටී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානම නීති ආයතනය වන ජාත්‍යන්තර අධිකරණය එහි සාමාජික රටවල් අතර නීතිමය ගැටුම් නිරාකරණය කරයි.

(බීබීසී ඇසුරිනි - 085)