IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉරානයට එරෙහි සම්බාධක ලිහිල් කරන්න - ජාත්‍යන්තර අධිකරණයෙන් ඇමෙරිකාවට නියෝගයක්

පසුගිය වසරේ ඉරානයට එරෙහිව පනවන ලද සම්බාධක ලිහිල් කරන ලෙසට ජාත්‍යන්තර අධිකරණය ඇමරිකාවට නියෝග කර තිබේ.

ආහාර සහ ඖෂධ වැනි මානුෂීය ද්‍රව්‍ය ඉරානයට අපනයනය කිරීමට ඉඩ දෙන ලෙස එහිදී සඳහන් කර ඇත.

කෙසේ වුවද ඇමරිකාව පවසන්නේ මෙය ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් වන හෙයින් මෙවැනි නියෝග නිකුත් කිරීමට ජාත්‍යන්තර අධිකරණයට බලයක් නොමැති බවයි.

ඉරාන විදේශ අමාත්‍යාංශය පවසන්නේ ඇමරිකාව ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක නීති විරෝධී බව මෙම නියෝගයෙන් තහවුරු වන බවයි.

ඉරානයට එරෙහිව ඇමරිකාව විසින් පනවා ඇති සම්බාධක හේතුවෙන් ඉරාන රියාලයේ අගය වේගයෙන් පහත වැටුණු අතර මේ වනවිට ඉරාන ආර්ථිකය කඩාවැටී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානම නීති ආයතනය වන ජාත්‍යන්තර අධිකරණය එහි සාමාජික රටවල් අතර නීතිමය ගැටුම් නිරාකරණය කරයි.

(බීබීසී ඇසුරිනි - 085)

 

 



අදහස් (3)

ඉරානයට එරෙහි සම්බාධක ලිහිල් කරන්න - ජාත්‍යන්තර අධිකරණයෙන් ඇමෙරිකාවට නියෝගයක්

රවින් Thursday, 04 October 2018 08:33 AM

කාට කියන්නද? ප්‍රජාතන්තවාදය ගැන ලොවටම උගන්නන අය කියනවා ජාත්‍යන්තර අධිකරණය කියනදේ පිළිගන්නේ නැහැ කියලා. අපි කලොත්?

:       5       14

mahesh Thursday, 04 October 2018 10:50 AM

මේ ජාත්‍යන්තර අධිකරණයටත් යුරෝපා රටවල බලල අතක්

:       0       15

janahitha Monday, 08 October 2018 03:26 AM

ජාත්‍යන්තර අධිකරණයේ සංයුතිය සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව හොඳින්ම දන්නා රටක් හැටියට ඇමරිකාවේ තීරණය ඉතාම සාධාරණයි උසස් ගුණාත්මකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 762 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site