
රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් නිර්දය ලෙස මර්දනය කරමින්, ඉරාන රජය අමුඅමුවේ මානව හිමිකම් උල්ලංඝනය කරනවා යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නව ප්‍රධානී වොල්කර් ටර්ක් චෝදනා කරයි.
ඉරානය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලට යෝජනාවක් ගෙන ඒමට ද ප්‍රධානී වොල්කර් ටර්ක් මැදිහත් විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සාමාජිකයන් 47 දෙනකුගෙන් සමන්විතය.
ඉරානය සම්බන්ධ යෝජනාව කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී සාමාජික රටවල් 25 ක් ඊට කැමැත්ත පළ කළ අතර සාමාජික රටවල් 16 ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.
යෝජනාවට විරෝධය දක්වමින්, ඉරානයට සහාය පළ කරමින් ඡන්දය ලබා දුන් රටවල් වන්නේ ආමේනියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්තානය සහ වෙනිසියුලාවය.
යෝජනාව සම්මත කර ගැනීමෙන් පසු ඉරානයේ සිදුවන මානව හිමිකම් උල්ලංගනය වීම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්විය යුතු බව ප්‍රධානී වොල්කර් ටර්ක් පැවැසීය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉරානයට එරෙහි යෝජනාවලියක්