
රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් නිර්දය ලෙස මර්දනය කරමින්, ඉරාන රජය අමුඅමුවේ මානව හිමිකම් උල්ලංඝනය කරනවා යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නව ප්‍රධානී වොල්කර් ටර්ක් චෝදනා කරයි.
ඉරානය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලට යෝජනාවක් ගෙන ඒමට ද ප්‍රධානී වොල්කර් ටර්ක් මැදිහත් විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සාමාජිකයන් 47 දෙනකුගෙන් සමන්විතය.
ඉරානය සම්බන්ධ යෝජනාව කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී සාමාජික රටවල් 25 ක් ඊට කැමැත්ත පළ කළ අතර සාමාජික රටවල් 16 ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.
යෝජනාවට විරෝධය දක්වමින්, ඉරානයට සහාය පළ කරමින් ඡන්දය ලබා දුන් රටවල් වන්නේ ආමේනියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්තානය සහ වෙනිසියුලාවය.
යෝජනාව සම්මත කර ගැනීමෙන් පසු ඉරානයේ සිදුවන මානව හිමිකම් උල්ලංගනය වීම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්විය යුතු බව ප්‍රධානී වොල්කර් ටර්ක් පැවැසීය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd