IMG-LOGO

ඉරානයට අලුත් ජනපතිවරයෙක්

ඉරානයේ අටවැනි ජනාධිපතිවරයා ලෙස ඊබ්‍රහිම් රයිසි තේරී පත්වී ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මීට ටික වේලාවකට පෙර නිවේදනය කළේය.

ඊබ්‍රහිම් රයිසි ඉරානයේ දැඩි මතධාරී විනිශ්චයකාරවරයකු මෙන්ම අධිකරණ පද්ධතියේ ප්‍රධානියා ද වේ.

ඉරානයේ විප්ලව බලකායේ හිටපු අණදෙන නිලධාරී මොෂීන් රෙසියා, මධ්‍යස්ථ මතධාරී අබ්දුල්නසාර් හෙමාටි සහ සාම්ප්‍රදායික මතධාරියකු වන අමීර් හුසේන් ගසීසාදේ හෂේමි මෙම ප්‍රතිඵලය පිළිගන්නා බව ද නිවේදනය කළහ.

ඊබ්‍රහිම් රයිසිගේ ප්‍රධාන ප්‍රතිවාදීන් වූයේ ඔවුන් ය.

(රොයිටර්)

ඊබ්‍රහිම් රයිසි ඉරාන ඉස්ලාමීය අධිකරණ පද්ධතියේ ප්‍රධානියකු ද වේ.

රයිසි හැදි වැඩුණේ ඊසාන දිග ඉරානයේ නගරයක් වන මෂාද්හි ය. එම නගරය ෂියා මුස්ලිම්වරුන්ගේ ඉතා වැදගත් ආගමික මධ්‍යස්ථානයකි.

අටවැනි ෂියා ආගමික නායකයා ලෙස සැලකෙන ඉමාම් රෙසා භූමදානය කර ඇත්තේ ද මෙම නගරයේ ය.

රයිසි අධායපනය ලැබුවේ (ක්)ඔම් හි පිහිටි පූජක විද්‍යාලයකිනි (සෙමනේරිය). ඔහු ඉරානයේ උත්තරීතර නායක අයිතොල්ලා අලි හුසේනි කමේනි ඇතුළු එරට සිටින ප්‍රමුඛම මුස්ලිම් විද්වතුන් යටතේ අධ්‍යාපනය ලබා ඇත.

අධිකරණ පද්ධතිය තුළ විවිධ තනතුරු හෙබවීමෙන් අනතුරුව රයිසි 1985 වසරේ දී තෙහ්රාන් නුවරට පැමිණියේ ය. එහිදි හෙතෙම නියෝජ්‍ය අභිචෝදකයකු ලෙස පත්විය.

අධිකරණ පද්ධතිය තුළ විවිධ තනතුරු හෙබවීමෙන් පසු ඉරානයේ උත්තරී නායකයා වන අයතොල්ලා අලී කමේනි 2016 වසරේ දී රයිසි ඉරානයේ ඉමාම් රෙසා සිද්ධස්ථානය යටතේ පවතින අස්තාන්-ඊ-කුද්ස්-රසාවි භාරයේ භාරකරු ලෙස පත් කළේය. ඉමාම් රෙසා යනු ඉරානයේ බලවත් හා වැදගත් ආගමික සිද්ධස්ථානයක් වන අතර දේශපාලන වශයෙන් ද ඉතා වැදගත් වේ. ඒ යටතේ අස්තාන්-ඊ-කුද්ස්-රසාවි භාරය මඟින් ඉරානයේ ඩොලර් බිලියන ගණනක වත්කම් පාලනය වේ.

රයිසි 2017 වසරේ දී පැවැති ජනාධිපතිවරණයට ද ඉදිරිපත් විය. එහිදි සමස්ත ඡන්දවලින් සියයට 38ක ප්‍රතිශතයක් හිමි කරගැනීමට ඔහු සමත්විය.

එම අවස්ථාවේ දී ජනාධිපතිවරණයෙන් ජය ලැබුවේ හසන් රොව්හානි ය.



අදහස් (1)

ඉරානයට අලුත් ජනපතිවරයෙක්

ganegoda Sunday, 20 June 2021 02:34 PM

ඉරාන් ජාත්කයෝ එයාලාට හොඳ රජයක් පත්කරගත්තනේ... ඉතින් සුබ අනාගතයකට අපෙන් උණුසුම් සුබපැතුම්..!!! 

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 35 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 465 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 242 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site