IMG-LOGO

ඉරානයේ බැංකු 18කට ඇමෙරිකාවෙන් සම්බාධක

ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ඉරානයේ ප්‍රධාන පෙළේ බැංකු 18කට සම්බාධක පැනවූ අතර එයින් 16ක් ඉරානය මූල්‍ය තුළ ක්‍රියාත්මක වේ. මෙම බැංකු සියල්ලම අසාදු ලේඛන ගත කිරීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත.

මේ අතර තිබෙන එක් බැංකුවක් පාලනය කෙරෙන්නේ කලින් අසාදු ලේඛන ගත කළ බැංකුවකින් බවත් අදාළ බැංකු ඉරාන හමුදා සමඟ සම්බන්ධකම් පවත්වන බවත් ඇමෙරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

“ඉරානය ආර්ථිකයේ විවිධ අංශ ඉරාන ආණ්ඩුවේ නීතිවිරෝධී කටයුතුවලට අරමුදල් සපයනවා” යැයි භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්විණි.

යුරෝපයේ රටවල් රැසක් ඇමෙරිකාව මෙලෙස ඉරානයේ බැංකුවලට සම්බාධක පැනවීමට ගත් තීරණයට විරෝධය පළ කර ඇත. මෙම සම්බාධක හේතුවෙන් අදාළ බැංකු සමඟ ගනුදෙනු කරන විදේශීය බැංකු හා සමාගම් දැඩි අපහසුතාවකට පත්වන බවත් එම විදේශීය බැංකු හා සමාගම්වලට ඇතැම් විට ඇමෙරිකාවේ දඬුවම්වලට යටත් වීමට සිදුවනු ඇති බවත් යුරෝපයේ රටවල් පෙන්වාදෙයි.

“අපි මේ ගත්තු ක්‍රියාමාර්ගවලින් ඉරාන ජනතාවට සහාය දෙන මානුෂීය ගනුදෙනුවලට අවස්ථාව ලැබෙනවා” යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මනුචින් පැවැසීය.

කෙසේ නමුත් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් පාර්ශව රැසකින් ඇමෙරිකාවට චෝදනා එල්ල වී තිබේ. මෙම සම්බාධක හේතුවෙන් ඉරාන ජනතාවට අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ සහ අනෙකුත් මානුෂීය ආධාර ලබාදීමට බාධා එල්ල වී ඇතැයි ද එම පිරිස් පෙන්වාදෙති.

මෙම සම්බාධකවලින් මානුෂීය ගනුදෙනුවලට බාධා එල්ල වන්නේ නැති බවට ස්ටීවන් මනුචින් කළ ප්‍රකාශය ඉරාන විදේශ අමාත්‍ය ජවාඩ් සරීෆ්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.
 
“කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ ඇමෙරිකානු රෙජීමයට අපේ ආර්ථිකයට පහරදෙන්න වුවමනා වෙලා. ඔවුන්ට අපට ආහාර සහ ඖෂධ ගන්න ඉතිරි වෙලා තියෙන මාර්ග සියල්ල පුපුරුවා හරින්න වුවමනා වෙලා. ඉරාන ජනතාව මේ කෲරත්වයට මුහුණ දෙනවා. 

සමස්ත රටක් කුසගින්නේ තැබීමට කුමන්ත්‍රණ කිරීම මනුෂ්‍යත්වයට එරෙහිව කරන අද අපරාධයක්. අපේ සල්ලි අවහිර කළ වැරැදිකරුවන් සහ ඊට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව සාධාරණත්වය ඉටු වේවි” යැයි සරීෆ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
 
 
රොයිටර් 
055



අදහස් (0)

ඉරානයේ බැංකු 18කට ඇමෙරිකාවෙන් සම්බාධක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 998 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site