
ඉරානයේ සිටින ජර්මානුවන්ට හැකි ඉක්මණින් රට හැර යන ලෙසටත් එරට සංචාරයෙන් වළකින ලෙසටත් ජර්මනිය සිය ජනතාවට දැනුම් දී ඇත.
ඒ ඉරානයේදී ජර්මානුවන් පළිගැනීමේ ක්‍රියාවන්ට හසුවීමට ඉඩ ඇති බව පැහැදිිල කරමිණි.
මෙම තීරණය දැනුම් දී ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉරානය වෙත සම්බාධක යළි පැනවීම උදෙසා, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය විසින් දින 30ක ක්‍රියාවලියක් ඇරඹූ පසුබිමකය.
එම රටවල් විසින් කරන ලිඛිත ඉල්ලීම සළකා බැලීම සඳහා මේ වනවිට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විශේෂ සැසියක් ද පැවැත්වීය.
ඉරානයේ මතභේදයට තුඩු දී ඇති න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් මෙම සම්බාධක යළි පැනවීමට පියවර ගෙන තිබෙන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඊශ්‍රායලයට සහය පළකරමින් අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාර 3කට බෝම්බ හෙළීමෙන් මාස 2කට පසුව මෙම සම්බාධක පැනවීමේ තීරණය කරළියට පැමිණ ඇත. සාධාරණ සහ සමබර න්‍යෂ්ටික සාකච්ඡාවක් සඳහා තමන් සූදානම් බව ඉරානය පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd