ඉරානයේ දකුණු දිග ෆාර්ස් පළාතේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 17 දෙනෙකු මියගොස් 70ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ගම්මාන 270ක 56,000ක පමණ පිරිසක් අවතැන්ව ඇති අතර වැඩිම මරණ සංඛ්‍යාවක් ශිරාස් නගරයෙන් වාර්තා වී ඇති බව සඳහන් වේ.
පසුගිය සතිය පුරා ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හටගත් බව කාලගුණ අංශ වාර්තා කර ඇත.
ඉරානයේ උතුරු දිග ප්‍රදේශ ගණනාවකටද පසුගිය දිනවල ගංවතුරින් දැඩි හානි සිදුවිය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd