IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඉරානයේ කොරෝනා නිසා මියගිය සංඛ්‍යාව 26 ක් දක්වා ඉහළට

ඉරානයේ කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇත.

චීනයෙන් පිටත වෛරසයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉරානයේ වන අතර මේ වන විට ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 245 ක් බව බලධාරීහු පවසති.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇතැයි බලධාරීහු පැවසූහ.

මේ හේතුවෙන් ටෙහෙරානය ඇතුළු නගර කිහිපයක සිකුරාදා යාච්ඥා අත්හිටුවීමට බලධාරීහු පියවර ගත්හ.  

රාජ්‍ය පුවත් සේවය වන ඒආර්එන්ඒ ප්‍රකාශ කළේ ඉරානය චීන පුරවැසියන්ට රට තුළට ඇතුළුවීම තහනම් කර ඇති බවයි.

ආසාදිතයින් අතර කාන්තා හා පවුල් කටයුතු පිළිබඳ උප සභාපති මසූමේ එබ්ටෙකාර් සහ රටේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඉරාජ් හරිර්චි ද වෙති. 

“පසුගිය පැය 24 තුළ අපට නව සිද්ධීන් 106 ක් තහවුරු වී තිබේ. මරණ සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබේ” යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක කියුනුෂ් ජහාන්පූර් පැවසීය.

වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන සිය ගණනක් දෙනා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව ද ඔහු පැවසීය.

මේ අතර, ඉරානයේ විදේශ අමාත්‍යංශය පැවසුවේ “කොරෝනා වයිරස් පරීක්ෂණ කට්ටල 20,000 ක් සහ තවත් ද්‍රව්‍ය” සිකුරාදා චීනයෙන් ඉරානයට ලබා දෙන බවයි.

වෛරසය ආසාදිතයින් අතර මරණ අනුපාතය ඉරානයේ වෙනත් තැන්වලට වඩා බෙහෙවින් වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ජනාධිපති හසන් රුහානි ඇතුළු බලධාරීන් බදාදා කියා සිටියේ ආසාදිතයින් සංඛ්‍යාව කෙටි කාලයක් තුළ ඉහළ ගියද ඉරානයට කිසිඳු නගරයක සහ දිස්ත්‍රික්කයක නිරෝධායනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කර නොමැති බවයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (1)

ඉරානයේ කොරෝනා නිසා මියගිය සංඛ්‍යාව 26 ක් දක්වා ඉහළට

Nimali Friday, 28 February 2020 09:24 AM

සර්ව බලධාරී දෙවියන්ට කිව්වොත් හොඳයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 742 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site