ඩුබායිහිදීය (රොයිටර්)
මධ්‍යම ඉරානයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටුණු ඉරාන ගුවන් යානයේ සිටි සියලු දෙනා මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
අසිමන් ගුවන් සේවා සමාගමට අයත් ඒ.ටී.ආර් 72-500 අංකය දරන ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්විය. අසිමාන් ගුවන් සේවා සමාගමේ මහජන සබඳතා අංශයේ ප්‍රධානියා උපුටා දක්වමින් ඉරාන මාධ්‍ය යානයේ සිටි සියලු දෙනා මියගොස් ඇති බවත් සඳහන් ඔහු තොරතුරු ලබාගත්තේ කෙසේද යන්න ගැන සටහනක් නොවීය.
ඉරානයේ තෙහ්රාන් සිට නිරිත දිග යසූජ් වෙත ගමන් කරමින් තිබූ ගුවන් යානය කඩා වැටී ඇත්තේ ඉස්ෆහාන් පළාතේ සෙමිරම් නගරය ආසන්නයේ සාග්‍රෝස් කඳුකර ප්‍රදේශයට කඩා වැටුණු බව ඉරානය මාධ්‍ය වාර්තා කළේය.
හදිසි සහන සැපයීමේ සේවා සියල්ල ක්‍රියාත්මක කර ඇතැයි ගුවන් යානා කඩා වැටුණු බව වාර්තා වීමත් සමඟ එරට බලධාරීහූ කීහ. යානයේ සිටි පිරිසගේ තත්ත්වය සම්බන්ධයෙන් නිල වාර්තාවක් නොලැබුණු බව ද ඉරාන මාධ්‍ය යානය කඩා වැටුණු අවස්ථාවේදී වාර්තා කළේය.
යාන අනතුරට ලක්වන විට එහි මගීන් 60 දෙනාට අමතරව ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු, කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකු , ගුවන් නියමුවා සහ සහාය නියමුවා එහි සිට ඇතැයි බලධාරීහූ ප්‍රකාශ කළහ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොයල බැලුවනම් කොහේ හරි රාජපක්ෂ කෙනෙක් ගැවිලා ඇති.
හිටපු ජනාධිපතිට මෙහෙම කතා එකතු කිරීම ජන්ම පුරුද්දේ අඩුපාඩුවකි.
එතුමා නොසිටියානම් මේ වගේ දේවල් අපේ රටේ සිද්දවෙන්න තිබ්බා. අර කුරුම්බැට්ටි යානා වලින්.