පසුගිය ජූලි මාසයේදී ඉරානය විසින් අල්ලා ගත් බ්‍රිතාන්‍ය නෞකාවේ නැවියන් 23 දෙනාගෙන් හත්දෙනකු නිදහස් කිරීමට සූදානම් බව ඉරාන බලධාරීහු පවසති.

ඉන්දියානුවන් පස්දෙනකු, ලැට්වියානු ජාතිකයෙකු හා රුසියානු ජාතිකයෙකු මෙලෙස නිදහස ලබා ඇත.

මොවුන් හත්දෙනා මේ වනවිටත් නෞකාවෙන් පිටත්වී ඇති බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු පවසා තිබේ.

ස්ටෙනා ඉම්පෙරෝ නෞකාව ජාත්‍යන්තර සාමුද්‍රීය නීති උල්ලංඝනය කළ බවත් ඒ හේතුවෙන් අත්අඩංගුවට ගත් බවත් ඉරානය පවසයි.

ස්වීඩන හමිකාර්ත්වය සහිත නෞකාව බ්‍රිතාන්‍ය ධජය යටතේ යාත්‍රා කළ අතර හෝම්ස් සමුද්‍ර සංධියේදී ඉරානය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.

(බීබීසි ඇසුරිණි - 085)