IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉරාන හමුදාවේ විශේෂ බළකායට නව නායකයෙකු පත්කෙරේ

ඇමෙරිකානු ප්‍රහාරයකින් ඉරාන හමුදාවේ කුද්ස්විශේෂ බළකායේ නව නායකයා ලෙස ඉස්මයිල් කානී පත් කිරීමට ඉරානයේ උත්තරී නායක අයතොල්ලා අලී කමේනී පියවර ගෙන ඇත.

ඉරාකයේ සිටින ඇමෙරිකානු හමුදා එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින්  ‘කුද්ස්’ විශේෂ බළකායේ ප්‍රධානී ජෙනරාල් කසීම් සුලෙයිමානී මරුමුවට පත්විය.

‘කුද්ස්’ විශේෂ බළකාය යනු ඉරාන විප්ලව ආරක්ෂක බළකායේ විදෙස් මෙහෙයුම් අංශයයි.

“විශිෂ්ට ජෙනරාල්වරයකු වන හජ් කසීම් සුලෙයිමානී තම ජීවිතය පුද කළා. ඒ තනතුරට බ්‍රිගේඩියර් ජෙනරාල් ඉස්මයිල් කානී පත් කරනවා” යැයි අයතොල්ලා අලි කමේනී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. එම නිවේදනය ඉරාන උත්තරීතර නායකයාගේ වෙබ් අඩවියේද සඳහන් කර ඇත.

කානී 1980-88 කාලයේ පැවැති ඉරාන-ඉරාක යුද්ධය සමයේදී පදක්කම්ලාභී අණ දෙන නිලධාරීන්ගෙන් කෙනකු යැයි ද කමේනී පැවැසීය.

“දේශප්‍රේමී විරුවකු වන සුලෙයිමානීගේ නායකත්වය සමයේදී දුන් නියෝග ඉදිරියටත් ක්‍රියාත්මයි. ඒවා අයුරින්ම ඉදිරියටත් ලැබෙනවා” යැයි ද ඉරාන උත්තරීතර නායකයා කීය.

“ජෙනරාල් කානී සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ඔහුට සහාය දෙන්නැයි මා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මා ඔහුට සෞභාග්‍ය ප්‍රාර්ථනා කරනවා” යැයි ද හෙතෙම කීය.

ඒ.එෆ්.පී. සහ ඬේලිමේල් ඇසුරිනි 

055

 



අදහස් (5)

ඉරාන හමුදාවේ විශේෂ බළකායට නව නායකයෙකු පත්කෙරේ

මුණසිංහ Saturday, 04 January 2020 12:56 AM

නිදාගෙන හිටි සර්පයාව නැගිට්ටවලා වගේ... දැන් ඉතින් ඇමරිකාවට දෙවි පිහිටයි. මේක තමයි ඇමරිකාව පතන ලෝක සාමය! වෙලාවට ලංකාවේ ආණ්ඩු පෙරලියක් වුනේ. නැත්නම් හිටපු පාලකයන් දැනටමත් ඇමරිකාවට සුබ පතලා ඉවරයි.

:       316       359

KumarSaturday, 04 January 2020 03:59 PM

මහත්මයා මොනවා කිව්වත් ඇමරිකාව ත්‍රස්තවාදීන්ට බය නැහැ. ඇමෙරිකාවේ දැන් ඉන්න ජනාධිපති මේ ක්‍රියාව කළේ ඔහුගේ වැරදි වසා ගැනීමටයි. ලංකාවේ වගේ නෙවේ මේ වසර අග පවත්වන ඡන්දයෙන් විසිවෙන්න ඉඩ තිබෙනවා. ත්‍රස්තවාදීන්ට මේ රට සමග යුද වැදිලා දිනන්න බැහැ. ඒ හේතුව නිසා ත්‍රස්තවාදීන් සෑම විටම පහර දෙන්නේ අහිසක ජනතාවටයි. සමහර අය කියන පරමාණු බෝම්බය 1944 න් යුද්ධයකට පුපුරවලා නැහැ නේද?

:       0       4

මුණසිංහSunday, 05 January 2020 11:53 AM

ඔබ කියන කතාව යම් දුරකට ඇත්ත. මේකෙන් වෙන්නේ යුරෝපය අස්ථාවර වෙන එකයි. මේ වසර යුරෝපයට තීරණාත්මකයි. විවිධ කණ්ඩායම්වලට බෙදී සිටියත් ඉස්ලාමීය ත්‍රස්තවාදයේ අරමුණු එකමයි. ඇමරිකාවට මින් එල්ලවන බලපැම අඩු නමුත් ඒ නිසාම යුරෝපයේ ඇමරිකානු හිතවාදී රටවලට ඉතා තදබල ලෙස මෙය බලපානවා. ස්ථිර වශයෙන්ම එංගලන්තය, ප්‍රංශය, ආදි රටවල් කේනද්‍ර කරගෙන දැඩි ප්‍රහාර මාලාවක් ඉදිරියේ දී එල්ලවිය හැකියි. ඊළඟ මැතිවරණයෙන් ට්‍රම්ප් ස්ථිරවම පරදිනවා.

:       0       1

binkunndaa Saturday, 04 January 2020 06:10 PM

ඇමෙරිකාවේ මයිල් ගහකටවත් රිද්දවන්න තරම් ත්‍රස්තවාදී ඉරානයට යුද ශක්තියක් නෑ. ඉරානයට මීට වඩා තද බල පහරදී ඔවුන්ගේ අන්තර් ජාතික ත්‍රස්ත ක්‍රියා නිහඬ කර ප්‍රජාතන්ත්‍රවාදී රජයක් පිහිටවීමට ඒ රටේ පීඩා විඳින ජනතාවට මග පාදා දිය යුතුයි.

:       84       36

DilanSunday, 05 January 2020 08:04 AM

ඉරාකයේ............ ලිබියාවේ වගේද?

:       0       77

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 760 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site