ඇමෙරිකානු ප්‍රහාරයකින් ඉරාන හමුදාවේ කුද්ස්විශේෂ බළකායේ නව නායකයා ලෙස ඉස්මයිල් කානී පත් කිරීමට ඉරානයේ උත්තරී නායක අයතොල්ලා අලී කමේනී පියවර ගෙන ඇත.

ඉරාකයේ සිටින ඇමෙරිකානු හමුදා එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින්  ‘කුද්ස්’ විශේෂ බළකායේ ප්‍රධානී ජෙනරාල් කසීම් සුලෙයිමානී මරුමුවට පත්විය.

‘කුද්ස්’ විශේෂ බළකාය යනු ඉරාන විප්ලව ආරක්ෂක බළකායේ විදෙස් මෙහෙයුම් අංශයයි.

“විශිෂ්ට ජෙනරාල්වරයකු වන හජ් කසීම් සුලෙයිමානී තම ජීවිතය පුද කළා. ඒ තනතුරට බ්‍රිගේඩියර් ජෙනරාල් ඉස්මයිල් කානී පත් කරනවා” යැයි අයතොල්ලා අලි කමේනී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. එම නිවේදනය ඉරාන උත්තරීතර නායකයාගේ වෙබ් අඩවියේද සඳහන් කර ඇත.

කානී 1980-88 කාලයේ පැවැති ඉරාන-ඉරාක යුද්ධය සමයේදී පදක්කම්ලාභී අණ දෙන නිලධාරීන්ගෙන් කෙනකු යැයි ද කමේනී පැවැසීය.

“දේශප්‍රේමී විරුවකු වන සුලෙයිමානීගේ නායකත්වය සමයේදී දුන් නියෝග ඉදිරියටත් ක්‍රියාත්මයි. ඒවා අයුරින්ම ඉදිරියටත් ලැබෙනවා” යැයි ද ඉරාන උත්තරීතර නායකයා කීය.

“ජෙනරාල් කානී සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ඔහුට සහාය දෙන්නැයි මා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මා ඔහුට සෞභාග්‍ය ප්‍රාර්ථනා කරනවා” යැයි ද හෙතෙම කීය.

ඒ.එෆ්.පී. සහ ඬේලිමේල් ඇසුරිනි 

055