IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ඉරාන වරායට ඉන්දියාව තවත් උපකරණ

 ඉරානයේ චබහාර් වරායට ඉන්දියාව තවත් උපකරණ තොගයක් යවා ඇත.

ඉන්දියාව ඉකුත් ජනවාරි මාසයේ දී ඉරානයේ චබහාර් නගරයේ පිහිටි චබහාර් වරායට ජංගම දොඹකර දෙකක් යැවූ අතර ඒවායේ කොන්ත්‍රාත් වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක් විය.

චබාහාර් වරාය ඉරානයේ සිස්තාන්-බලුකිස්තාන් පළාතේ චබාහාර් නගරයේ පිහිටා ඇත.

වෙළෙඳ සම්බන්ධතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඉන්දියාව, ඉරානය සහ ඇෆ්ගනිස්තානය එක්ව මෙම වරාය සංවර්ධනය කරයි.

‘‘අපි චබාහාර් වරාය සංවර්ධනය කිරීමට කැප වී සිටිනවා. වරායේ සංවර්ධන කටයුතුවලට අවශ්‍ය දෙවැනි තොගයත් අපි යැව්වා. එය වරායේ ෂහීද් බෙහෙස්ති පර්යන්තයට ළඟා වෙනවා’’ යැයි ඉන්දියාවේ වරාය, නාවික සහ ජලමාර්ග නියෝජ්‍ය අමාත්‍ය මනුෂ්ක් මන්ද්වියා පැවැසීය.

ජූනි මාසය අගය වනවිට තවත් දොඹකර දෙකක් ඉරානයේ චබාහාර් වරායට යවන බව ද හෙතෙම කීය.

ඉරානය සහ ඉන්දියාව මෙම වරායට අදාළ කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් තැබුවේ 2016 වසරේ මැයි 23 වැනිදා ය. පළමු අදියර යටතේ උපකරණ, යාන්ත්‍රිකකරණය සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා එම ගිවිසුමට අත්සන් කළ අතර එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 85ක් වේ.

ද ඉකොනොමික් ටයිම්ස් 



අදහස් (1)

ඉරාන වරායට ඉන්දියාව තවත් උපකරණ

chandima Friday, 26 March 2021 12:27 AM

ලංකාවේ වරායට හයි කරන්න කළින් වැඩකරනවද බලන්න.. එහෙ සවි කරලා කරලා බලනවා වෙන්න ඇති...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 31 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site