ඇමෙරිකානු හමුදා සියල්ල “ත්‍රස්තවාදීන්” යැයි නම් කරමින් ඉරාන පාර්ලිමේන්තුව අද (7) නව පනතක් සම්මත කරගත්තේය.
ඉරානයේ දෙවැනි බලවත්ම නායකයා ලෙස සැළකුණු එරට විප්ලව ආරක්ෂක හමුදා බළකායේ විදෙස් අංශය වන ‘කුද්ස්’ විශේෂ බළකායේ ප්‍රධානීයා වූ මේජර් ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනය කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉරානය එම පනත් කෙටුම්පත සම්මත කරගෙන තිබේ.
ඇමෙරිකාව ඩ්‍රෝන යානා යොදා ගනිමින් පසුගිය සිකුරාදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ජෙනරාල් සුලෙයිමානී මරුමුවට පත්විය.
ඉරාන පාර්ලිමේන්තුවේ දී සම්මත වූ නව පනත් කෙටුම්පතට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ සියලු හමුදා, පෙන්ටගනය හෙවත් එරට ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ඊට අනුබද්ධ ආයතන හා සංවිධාන, නියෝජිතවරුන් සහ අණදෙන නිලධාරීන් මෙන්ම මේජර් ජෙනරාල් සුලෙයිමානී ඝාතනය කිරීමට අණ දුන් නියෝග කළ සියලු දෙනා ‘ත්‍රස්තවාදීන්’ ලෙස නම් කර තිබේ.
“හමුදා, බුද්ධි තොරතුරු, මූල්‍ය, තාක්ෂණික, සේවා සහ සැපයුම් ආදිය ඇතුළුව ඔවුන්ට සපයන සේවා හා පහසුකම් සහ ආධාර සියල්ල ත්‍රස්තවාදයට සහයෝගය දැක්වීමක්” යැයි ද ඉරාන පාර්ලිමේන්තුව සඳහන් කරයි.
ඉරානයේ විප්ලව ආරක්ෂක හමුදා බළකායේ විදෙස් අංශය වන ‘කුද්ස්’ විශේෂ බළකයට යූරෝ මිලියන 200 ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 302ක්) වෙන් කිරීමට ද ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වී තිබේ.
මෙම පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් මාසයේ දී ඉරාන පාර්ලිමේන්තුවේ දී සම්මත වූ පනත් කෙටුම්පතේ සංශෝධිත එකකි. එම පනතින් ඇමෙරිකා එක්සත් ජනපදය “ත්‍රස්තවාදයට සහාය දක්වන රාජ්‍යයක්” ලෙස ප්‍රකාශයට පත් කෙරුණු අතර මැදපෙරදිග කලාපයේ සිටින ඇමෙරිකානු හමුදා “ත්‍රස්තවාදී කණ්ඩායම්” ලෙස නම් කෙරුණි.
ඇමෙරිකාව ඉරානයේ විප්ලව ආරක්ෂක හමුදා බළකාය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරිමෙන් මෙම පියවර ගත් බව ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය සඳහන් කළේය.
ඒ.එෆ්.පී.
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරගනී
Champa Tuesday, 07 January 2020 02:02 PM
ඔන්න වේලාසනම කිව්වා. එම්.සී.සී ගිවිසුම අත්සන් කරලා ඇමරිකන් ත්‍රස්තවාදීන් ලංකාවට ගෙන්න ගෙන පස්සේ කනෝ කනෝ කියන්න ලැහැස්ති වෙන්න එපා.
සුරංග විතාරණ Tuesday, 07 January 2020 10:18 PM
ඔව් ඔව් අපි මේ බලාගෙන උන්නේ ඔයා කියනකම්.
Kumar Tuesday, 07 January 2020 05:26 PM
කබරගොයා තලගොයා කරනවා වගේ MCC මුදල් කොහොම හරි ගන්නවා. මෙරට ජනාධිපති කළ ක්‍රියාව මෙරට බොහෝ දෙනෙක් හෙළාදකිනවා. ට්‍රම්ප්ගේ කිට්ටුම මිත්‍රයා වන යුදෙව් රටේ අගමැතිත් ඈත් වෙලා ඉන්නේ මරාදැමූ කෙනා ඉරාකයේ සිටියේ එරට ආරාධිත අමුත්තෙක් හෝ දේශසංචාරකයෙක් හැටියට නොවේ. එතකොට ඇමෙරිකන් නායකයෙක් රට පාලනය කරන එක ගැන බය නැද්ද? මෙතරම් බයේ ජීවත් වෙන්න පුළුවන්ද?
Bandara Tuesday, 07 January 2020 11:57 PM
කුමාර් බොරදියේ මාළු බාන්න හරි දක්ෂයි.
KumarFriday, 10 January 2020 02:44 AM
මමත් ශ්‍රී ලාංකිකයෙක්. ලංකාව දියුණු වෙනවා දකින්න කැමතියි. මම ඇමෙරිකාවට පැමිණියේ ලංකාවට අවංකව වසර දහයක් සේවය කිරීමෙන් පසුවයි. ඇමෙරිකාවේ ජනාධිපති අනුවණ වැඩක් කළ බව පවසන්න කවුරුවත් බය නැහැ. මේ කාරණය නිසා අද කොන්ග්‍රස් එක ජනාධිපතිගේ තටු කැපුවා. ඒ විතරක් නෙවේ ජනාධිපතිගේ පක්ෂයේ සෙනෙට් සබිකයෝ දෙදෙනෙක් අද මාධ්‍ය හමුවකදී ජනාධිපතිට නොකියා බුරුවෙක් කිව්වා. ලංකාවේ එවැනි දෙයක් කරන්න පුලුවන්ද? ඔයගොල්ලන්ගේ ජනාධිපතිතුමා ඇමෙරිකාවේ ඉන්න කාලේ මෙවැනි කතා අහන්න ඇති.
Amula Friday, 10 January 2020 05:02 AM
කුටිටිය ලැබෙනවනම් ඔය කිසි දේකින් වැඩක් නෑ