ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ පියා ලෙස සැලකෙන මොසේන් ෆක්රිසාදේ ඝාතනය කළ සියලු දෙනාට ‘‘හරි වේලාවට’’ දඬුවම් දෙන බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී අවධාරණය කරයි.
ඉරානය රහසිගත අයුරින් න්‍යෂ්ටික ආයුධ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් මොසේන් ෆකිරිසාදේ එහි ප්‍රධාන විද්‍යාඥයා බවත් ඊශ්‍රායලය මීට පෙර අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර තිබිණි.
ඉරාන බලධාරීන්ගෙන් මේ වනවිට ඊශ්‍රායලයට චෝදනා එල්ල වී තිබෙන අතර මේ ප්‍රහාරය පිටුපස සිටින්නේ ත්‍රස්තවාදීන් යැයි ඉරාන විදේශ අමාත්‍ය ජාවේද් සරීෆ් චෝදනා කළේය. ඊශ්‍රායලය ඒ පිටුපස සිටින බව හෙතෙම කීවද ඔහු ඒ සම්බන්ධයෙන් කිසිදු සවිස්තර විස්තරයක් ඉදිරිපත් නොකළේය.
ඉරානයේ න්‍යෂ්ටික උපායමාර්ගයේ මහ මොළකරු ලෙස සැලකෙන්නේ මොසේන් ෆක්රිසාදේ ය. ඉරාන අගනුවරට ආසන්න මහා මාර්ගයකදී පසුගිය සිකුරාදා (27) ඔහු ඝාතනයට ලක්වූ අතර එය හොඳින් සහ ඉතා පරෙස්සමෙන් සැලසුම් කරන ලද්දක් බව මේ වනවිට අනාවරණය වී තිබේ.
මීට පෙර 2010 වසරේ නොවැම්බර් මාසයේදී මොසේන් ෆක්රිසාදේ ඝාතනය කිරීමට උත්සාහ කර තිබිණි. මීට පෙර අවස්ථා කිහිපයකදී ද ඉරාන විද්‍යාඥයන් මේ ආකාරයෙන් ඝාතනයට ලක්ව ඇත.
මෙම ඝාතනයත් සමඟ මැද පෙරදිග කලාපයේ ගැටුම් උත්සන්න වේවි යන අවදානමක් ද හටගෙන තිබේ.
ඉරානයෙන්, ඊශ්‍රායලයට චෝදනා එල්ල වීමත් සමඟ ඊශ්‍රායලය රටවල් කිහිපයක පිහිටි සිය තානාපති කාර්යාවල ආරක්ෂාව දැඩි කිරීමට ක්‍රියාමාර්ග ගත් බව හීබෲ බසින් පළවන මාධ්‍ය වාර්තා කර තිබිණි.
‘‘මොසේන් ෆක්රිසාදේ යනු ඉරානයේ ප්‍රමුඛතම, විශිෂ්ට හා කීර්තිමත් න්‍යෂ්ටික සහ ආරක්ෂක විද්‍යාඥයා’’ යැයි ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
‘‘මේ ඝාතනය පිටුපස සිටින සියලු දෙනාට අනිවාර්යෙන්ම දඬුවම් දෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රහාරය නියෝග කළ සියලු දෙනාට දඬුවම් දෙනවා’’ යැයි ඉරාන උත්තරීතර නායකයා අවධාරණය කළේය. කෙසේ නමුත් ඔහු ඒ සම්බන්ධයෙන් වැඩි විස්තරයක් සඳහන් නොකළේය.
ඉරාන ආණ්ඩුවේ කොරෝනා වයිරස මර්දන කාර්යසාධක බලකාය අමතමින් ඉරාන ජනාධිපති හසන් රොව්හානී මෙම ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට චෝදනා කළේය. ෆක්රිසාදේ ඝාතනය කිරීමෙන් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන නැවැත්විය නොහැකි බව ද ඉරාන ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඉරානය න්‍යෂ්ටික අවි ආයුධ නිෂ්පාදනය කරමින් සිටින බවට ට්‍රම්ප් පරිපාලනය ප්‍රමුඛ ඇමෙරිකාව සහ ඉරානය චෝදනා එල්ල කරයි. කෙසේ නමුත් තමන් ආයුධ නිපදවන්නේ නැති බවත් අවධානය යොමු කර ඇත්තේ න්‍යෂ්ටික බලශක්තිය කෙරෙහි පමණක් බවත් ඉරානය ප්‍රකාශ කරයි.
පසුගිය දශකයක කාලයේදී ඉරානයේ න්‍යෂ්කි විද්‍යාඥයන් පස්දෙනකු පමණ ඝාතනයට ලක්ව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ ඉරානයටයි. මොසේන් ෆක්රිසාදේ ඒ අතරින් ප්‍රමුඛතම විද්‍යාඥයා ලෙස සැලකේ.
ඒ.එෆ්.පී./රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ආධ්‍යාත්මික නායකයෝ න්‍යෂ්ඨික විද්‍යාඥයින්ට වඩා භයානකයි. අන්‍යාගමිකයෙන් මැරුවාම ස්වර්ගයට යනවා කියලා මිනිස්සුන්ගේ ඔලු කුරුවල් කරන්නේ ඒ අයයි. සැබෑ ලෙසම පහර එල්ල කළ යුත්තේ ඔවුන්ටයි...