වසර ගණනාවක් පුරාවට ඉරානයට බලපැවැත්වුනු ආර්ථික සම්බාධක ලිහිල් කිරීමට ලෝක බලවතුන් වන ඇමරිකාව, යුරෝපා සංගමය, චීනය හා රුසියාව ඊයේ (14) ඔස්ටි‍්‍රයාවේ වියානා නුවර හමුවකදී තීරණය කළහ.

න්‍යෂ්ඨික අවි සම්බන්ධ පර්යේෂණ කරන බවට චෝදනා නැගුණු හෙයින් මෙසේ ඉරානයට සම්බාධක පැනවීම සිදුවුණු අතර සම්බාධක ඉවත් කිරීමට නම් න්‍යෂ්ඨික කටයුතු සම්බන්ධයෙන් ඉරානය කි‍්‍රයාත්මක කර තිබෙන පර්යේෂණයන් විමර්ෂණය කිරීමට අවස්ථාව ලබාදිය යුතුයැයි බටහිර පැනවූ කොන්දේසියද නොපිළිගැනීම නිසා ඉරානයට සිදුවූයේ තව තවත් සම්බාධක වලට මුහුණදීමටය.

සම්බාධක වල බලපෑම නිසා එරට ආර්ථික ක‍්‍රමයෙන් කඩාවැටීමට පටන් ගැනුනි.සාකච්ඡා මාර්ගයෙන් ගැටලූව විසදා ගැනීමට ඉරානය අවතීර්ණ වූයේ ඒ සමගය.

සම්බාධක ඉවත් කර ගැනීමට ඉරානය ඉදිරිපත් කළ ප‍්‍රබලම තර්කය වූයේ අයිඑස් වැනි අන්තවාදී සංවිධාන හා සටන්වැදීමට දැන් ඉරාන ආරක්ෂක අංශ වලට සිදුව ඇති හෙයින් ඒ සදහා අවැසි අවි හා උපකරණ ආදිය ලබාගැනීමට පරිසරය සකස් වී තිබිය යුතු බව යන්නයි.ඉරානයේ මෙම අදහස චීනය හා රුසියාවද පිළිගත්හ.

ඉරානයට පනවා ඇති සම්බාධක ලිහිල් වීමත් සමග වැඩි වාසි සැළසෙන්නේ මෙම රටවල් දෙකට බව වාර්තා කරන විදෙස් මාධ්‍ය රුසියාව දැනටමත් එරට නිපදවන ගිනි අවි ආදිය ඉරානයට විකිණීමේ අපේක්ෂාවෙන් පසුවන බව සඳහන් කරයි.

අනෙක් රටවල්ද ඉරානයට පනවා ඇති සම්බාධක ලිහිල් කරනවා හා සමගම තම තමන්ට ලැබෙන වාසි ගැන සළකා මේ තීරණය ගෙන ඇති බවක් පෙනෙන බව විචාරක මතයයි.ආපසු වතාවක් මැදපෙරදිග ගැටලූවකට මැදි වීමට ඔන්න මෙන්න සිටියදී ඉරානයේ සුභවාදී ප‍්‍රතිචාරය නිසාම ඇමරිකාව ඉන් ගැලවීගත් බව පවසන ඔවුන් මෙය ඇමරිකා ජනපති බැරක් ඔබාමාට මහත්ම අස්වැසිල්ලක් වනු ඇතැයිද කියයි.

බි‍්‍රතාන්‍යය අගමැති ඬේවිඞ් කැමරන් ඉරානය බටහිර හා අවසානයේ සහයෝගීතාවයකට එළැඹීම අර්ථ දක්වා ඇත්තේ ඓතිහාසික මොහොතක් ලෙසය.

මානව සංහතියේ උන්නතිය වෙනුවෙන් රටවල් එකතුවීමක් ලෙස ඉරානය හා බටහිර අතර ඇතිව තිබෙන මිත‍්‍රත්වය හඳුන්වාදෙන අය බොහෝය.නමුත් ඇතැමෙක් මෙය දකින්නේ ඉදිරියේ එන විපත්තියක ආරම්භයක් ලෙසය.

ඊශ‍්‍රායෙල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අදහස් දක්වමින් පවසන්නේ ටෙහෙරානයට දැන් බයසැක නැතිව න්‍යෂ්ඨික අවි නිපදවන්නට අවසරය ලැබී තිබෙන බවය.මහා පරිමාන ත‍්‍රස්ත ප‍්‍රහාරයක්  මෙවර න්‍යෂ්ථික බෝම්බ පිපිරීමක් සමගම සිදුවුවහොත් ඊට වගකිව යුතු වන්නේ 2015 ජූලි මස 14 වැනි දින වියානා හමුවට එක්වූ ලෝක බලවතුන් බව ඔහු කියයි.

2A83BD9000000578-3160393-image-a-5_1436875524273 2A83C0EC00000578-3160393-image-a-6_1436875618949 2A85A5CD00000578-3160393-image-a-13_1436881307848 2A87C7A100000578-3160393-image-a-38_1436903491023 2A856E2000000578-3160393-image-m-2_1436874853089