IMG-LOGO

ඉරාන ජනතාව වෙනුවෙන් ප්‍රහාර සැලසුම් අත්හැරියා

ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර අවසන් මොහොතේදී එම සැලසුම් අත්හැර දැමුවේ ඉරාන ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැවැසීය.

ඉරානය ඇමෙරිකාවට අයත් නියමුවන් රහිත ඩ්‍රෝන ගුවන් යානයක් බිම හෙළීමත් සමඟ දෙරට අතර අර්බුදය නරක අතට හැරුණු අතර ඉරානයේ ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා අනුමැතිය දී තිබූ බව ද වාර්තා විය. එහෙත් අවසාන මොහොතේදී එම සැලසුම් අත්හැර දැමූ බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

ඉරානයට ප්‍රහාර එල්ල නොකළේ එරට වැසියන්ගේ ජීවිත ආරක්ෂ කළ යුතු නිසා බවත් ප්‍රහාර එල්ල කළා නම් ඉරාන වැසියන් 150 දෙනකුට පමණ ජීවිත අහිමි වීමට තිබූ බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැවැසීය. තමන් සාකච්ඡාවලට සූදානම් බව ද හෙතෙම කීය.

රොයිටර් ඇසුරිනි

- 055



අදහස් (3)

ඉරාන ජනතාව වෙනුවෙන් ප්‍රහාර සැලසුම් අත්හැරියා

රවින් Saturday, 22 June 2019 08:49 AM

කපන්න බැරි අත සිඹිනවලු...

:       204       248

සේනක Saturday, 22 June 2019 02:35 PM

බැරි වැඩ නොකරන් අබරෝ...

:       249       127

Dans Monday, 24 June 2019 07:51 AM

අා ඔය කියන්නේ.. ගහන්න ප්ලෑන් කරලා තියෙන්නේ ජනතාව ඉන්න පැත්තම බලලයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1267 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 484 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 583 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site