
සිරියාවේත් ඉරාකයේත් ඉරාන ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.
ඇමෙරිකන් රජය, සිරියාවේත් ඉරාකයේත් ඉරාන ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන්නේ, ඒ සඳහා එරට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ද හිමිවීමෙන් පසුවය.
ඉදිරි දින කීපයේ දී එම ප්‍රහාර එල්ල කිරීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවත්, එසේ ප්‍රහාර එල්ල කිරීමේ දී නිර්මාණය වන ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට පසුබට නොවන බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැහැදිලි කර ඇත.
කෙසේ නමුත් මේ වනවිට ඇමෙරිකාව, ඉරාන ඉලක්කවලට පහර දෙමින්, ඉරානය සමඟ යුද්ධයකට පැටලීමට උත්සාහ ගන්නවා යැයි ජනාධිපති ජෝ බයිඩන්ට චෝදනා එල්ල වෙමින් පවතී.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd