ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඇමෙරිකා රජයේ නියෝජිතයන් සහ ඉරාන රජයේ නියෝජිතයන් අතරේ හමුවක් ඕමානයේ මස්කට් නුවරදී පැවැත්වෙයි.

අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම්ව, සාකච්ඡා පැවැත්වෙන බව ඉරාන විදේශ කටයුතු අමත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

සාකච්ඡා සම්බන්ධයෙන් මැදහත්කරු වී කටයුතු කරන්නේ ඕමාන රජයයි. ඕමාන රජය පවසා ඇත්තේ ඉරාන ඇමෙරිකා සාකච්ඡා ඵලදායි අයුරින් පැවැත්වුණු බවය.

(අල් ජසීරා)